Friday, November 22, 2024

ලංසිගම කාන්තාවක් කොවිඩ් වැළදීමෙන් මිය යයි

Must read

marawilla-covid-deth

මාරවිල පදිංචි 68 හැවිරිදි  කාන්තාවක් නිවසේදී මියගොස් ඇති අතර ඇයට  කොවිඩ් වැළදී ඇති බවට තහවුරු වීම හේතුවෙන් දේහය ආදාහනය කරන ලෙස නියෝග කළ බව මාරවිල හදිසි මරණ පරීක්ෂක නීල් පද්මසිරි ගරුසිංහ මහතා සදහන් කරයි.

මාරවිල – ලංසිගම පදිංචි ඇය පසුගිය 05 වැනිදා  තම නිවසේදී මිය ගොස් ඇත.පසුව හදිසි මරණ පරීක්ෂකවරයා නිවසට ගොස් මූලික විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර මාරවිල මූලික රෝහලට ගෙන යන ලෙස නියෝග කර ඇත.මාරවිල මූලික රෝහලේදී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මිය ගොස් ඇති කාන්තාවට කොරෝනා වෛරසය වැළදී තිබෙන බවට තහවුරු වී ඇත.හදිසි මරණ පරීක්ෂකවරයා විසින් මූලික විමර්ශණය සදහා ඇයගේ නිවසට යන විට මිය ගොස් ඇති කාන්තාවගේ සැමියා,දියණිය සහ තවත් අයෙකු සිට ඇත.

නමුත් 07 වැනිදා පී.සී.ආර්.වාර්තාව ලැබීමෙන් අනතුරුව මළ සිරුර බාර ගැනීමට හෝ වෙනත් කටයුතු සදහා කිසිවෙකු ඉදිරිපත් වී නොමැති බව මාරවිල පොලීසිය කියයි.

මිය ගොස් ඇති කාන්තාවගේ සිරුර ආදාහනය කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා විසින් නියෝග කර ඇත.මේ අතර මාරවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කර සිටියේ අදාල නිවසේ පදිංචිකරුවන් මේ වන විට නීරෝධායනයට ලක් කර ඇති බවය.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article