උඩප්පුව – සින්නපාඩුව ප්‍රදේශයේ පොල් වත්තකට බැහැර කර තිබූ රෝහල් අප ද්‍රව්‍ය තොගයක් වහාම ඉවත් කරන ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම ඉඩමේ හිමිකරුවන්ට 15 වැනිදා දහවල් නියම කරන ලදි.
රෝහල් වලින් ඉවත් කර ඇති අප ද්‍රව්‍ය තොගයක් පොල් වත්තකට බැහැර කර ඇති බවට ලැබී තිබූ තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ උඩප්පුව පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශණ කටයුතු සිදු කරන ලදි.
14 වැනිදා රාත්‍රීයේ අප ද්‍රව්‍ය සහිත ලොරියක් මෙම ඉඩමට ගෙනවිත් මුදා හැරීම සිදු කළ බව ඉඩමේ සේවකයෙකු පැවසීය.මීට ප්‍රථම ලොරි 04 කින් මෙවැනි අප ද්‍රව්‍ය ගෙනවිත් මුදා හැරීම කළ බවත්,එම අප ද්‍රව්‍ය මේ වන විට ඉඩමේ වල දමා සහ පොල් ගස් වලට යොදා ඇති බවද ඔහු පැවසීය.
ඉඩමේ වළ දමා ඇති සහ පොල් ගස් වලට යොදා ඇති රෝහල් අප ද්‍රව්‍ය සියල්ලද වහාම ඉවත් කිරීමට කටයුතු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඉඩමේ සිටි සේවකයාට උපදෙස් ලබා දෙන ලදි. මෙම අප ද්‍රව්‍ය තොගය කොළඹ සිට ගෙනවිත් ඇති බවට අනාවරණය වී ඇති නමුත් එම අප ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සහ බැහැර කිරීමට කිසිදු අවසරයක් ලබා ගෙන නොමැති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කළේය.
බැහැර කර ඇති අපද්‍රව්‍ය අතර රෝහල් වලින් ඉවත් කරන සිලින්ජර,බෙහෙත් පෙති, ඇතුළු දෑ සමග පොළිතින් විශාල ප්‍රමාණයක්ද දක්නට ඇත.
ජුඩ් සමන්ත
ජූඩ් සමන්ත.