Sunday, January 19, 2025

රෝගීන්ට සේවය කරන රොබෝ යන්ත්‍රයක් වෙන්නප්පුවේ සිසුවෙකු නිර්මාණය කරයි

Must read

01(1) 05(1)
රෝගීන්ට අවශ්‍ය ඖෂධ සහ ආහාර පාන ඔවුන් අතට පත් කළ හැකි රොබෝ යන්ත්‍රයක් නිෂ්පාදනය කර හලාවත මහා රෝහල වෙත බාර දීමට වෙන්නප්පුව ශාන්ත ජෝෂප් මහා විද්‍යාලයේ 11 වන වසර ඉගෙණුම ලබන දිනුත් චාමික සිසුවා කටයුතු කර ඇත.

මෙම රොබෝ යන්ත්‍රය රෝහලට බාර දීම පසුගිය 10 වැනිදා සවස සිදු කරන ලදි.

මෙම අවස්ථාවට වෙන්නප්පුව ශාන්ත ජෝෂප් මහා විද්‍යාලයේ විදුහල්පති ප්‍රියංජීව ගුණරත්න පියතුමන්ද,හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතාද එක්ව සිටියේය.

හලාවත මහා රෝහලේ ක්‍රියාත්මක කරන කොරොනා ආසාධිතයින් හදුනා ගැනීමේ පූර්ව ඒකකය සදහා මෙම රොබෝ යන්ත්‍රය යොදා ගන්නා බව රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.

තම සිතට ආ අදහසක් අනුව රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කළ බවත්,ඒ තුළින් දුරස්ථව සිට රෝගියා සමග අදහස් හුවමාරු කර ගැනීමට මෙන්ම,රෝගියාට අවශ්‍ය ඖෂධ සහ ආහාර වර්ග ලබා දීමට හැකියාව ඇති බවද දිනුත් චාමික සිසුවා සදහන් කළේය.

ස්වංක්‍රීයව ක්‍රියාත්මක වන ජල කරාම දෙකක්ද මෙම සිසුවා විසින් මීට පෙර නිෂ්පාදනය කර හලාවත මහා රෝහල වෙත ලබා දී තිබුණි.


ජූඩ් සමන්ත

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article