(17.23pm)
(දෙවන සංස්කරණ ) කොරෝනා අසාදිතදැයි සැක සහිත පුද්ගලයෙකු කලවන්චිකුඩි ශික්ෂණ රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී එම ස්ථානයේ යම් උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති බව වාර්තා වේ. එම අවස්ථාවේදී මෙම රෝගියා ඇතුලත් කිරීම සම්බන්ධයෙන් තරුණ පිරිසක් විරෝධය දක්වා ඇත. රෝහලේ සිටි මහජනතාවට සහ තරුණයින් රෝහලට ඇතුළුවීම වලක්වා ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය පාලනය කිරීමට යුද හමුදාව සහ ත්රිවිධ හමුදාව පියවර ගෙන ඇති අතර රෝහලට ඇතුළු වූ පිරිසෙන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.
pics- voiceofmedia.lk