රිලා නැටුම් ගැන සුප්‍රසිද්ධ වයඹ පළාතේ වෙසෙන ජනතාව බොහෝ කලෙක සිට රිලවුන්ගෙන් විඳි පීඩාව අන්තිමේදී තමන්ම දරාගන්නට
හිත හදා ගනිමින් රිලා මිනිස් ගැටුමකින් තොරව රිලවුන්ටම ජය අත්කර දී ඔවුනට රිසි පරිදි සිය ගෙවත්ත පමණක් නොව නිවසද භාරදී ඇති බවක් දිස්වේ.
කලකට පෙර කඳු ආශ්‍රිතව හා කැලෑබද භූමිවල සිය ජීවිකාව සරිකරගත් වඳුරන් හා රිලවුන් මිනිස් ක්‍රියාකාරකම් නිසාම බිඳ වැටුනු පරිසර සාධක හේතුවෙන් ක්‍රමයෙන් මිනිස් වාසභූමිය වෙත සංක්‍රමණය වූවේය. පසු කලෙකදී වඳුරා පරාජය කරමින් රිලවා සිය ගහණය සීග්‍ර ලෙස වර්ධනය කරගත්තේය.
කෙසේ වුවද රිලවා තවදුරටත් තම අණසක පතුරුවාලමින් මේ වනවිට මිනිසාට දැඩි තර්ජනයක් බවට පත්ව තිබේ.
ඒ අතර මිනිසා රිලා උවදුරින් අත් මිදීම සඳහා ගත් සියලු උත්සාහයන් අත්හැර දමා ඔවුන් සමග ජීවත්වීමට සිත හදාගෙන සිටින බවක් පෙනේ.
ඉඩම් හිමියා වගා කරගත් පොල් කොස් දෙල් අඹ වැනි ගස්වල අස්වැන්න රිලවුන් නිදහසේ භුක්ති විඳින අතර වැඩි කොටසක් නිකරුණේ විනාශ කර දමති.
යම් හේතුවක් මත ඔවුන්ගෙන් මග හැරුනු යම් කොටසක් වේනම් එය පමණක් නෙලා ගැනීම දැන් ඉඩම් හිමියාගේ එකම අපේක්ෂාව වී ඇත.
ඒ අතර සමහරුන් ඉතා අහිංසක ලෙස තවදුරටත් රිලවුන්ගෙන් තම අස්වැන්න රැක ගැනීමට යම් උත්සාහයන් දරනුද පෙනේ.
එයින් සමහරක් නම් කුඩා වගා භූමිවටා සාරි වැනි දේ උපයෝගී කරගනිමින් ආවරණ යෙදීම හා වෙස් මුහුණු පළඳා ගනිමින් රිලවුන් බිය ගැන්වීම වේ. මෙවාට රිලවා තව කොතරම් කාලයක් රැවටේවිද යන්න කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණි. මෙම සතුන් ඒ තරමට මිනිසාට වඩා උපායශීලිය.
මෙම වගා හානිය පුද්ගලිකව මිනිසාටද පොදුවේ රටටද ඉමහත් අලාභයක් ඇති කර තිබෙන අතර විටෙක රටේ ප්‍රධානින්ගේද අවධානයට ලක්වී වහාම පියවරගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුනි.
පරිසර ඇමතිවරයෙකු වරක් පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙම ගැටළුව සොබාදහම විසින් විසඳනු ඇත කියාය.
කොවිඩ් 19 වැනි වසංගතයක් ඊට පිළිතුර වේවිද ? එතෙක් බලා සිටිමුද ?
ඥාානවීර දිසානායක