කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ ඊයේ පෙරවරුවේ ගින්නක් හටගෙන තිබූ අතර රෝහල් කාර්ය මණ්ඩලය , කුරුණෑගල මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය , කුරුණෑගල පොලීසිය සහ යුද හමුදාව එක්ව පාලනය කර නිවා දැමිමට කටයුතු කර ඇත. අතශ්යඅවශ්ය බෙහෙත් ප්රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ. මෙහිදී කිසිවෙකුටත් අනතුරක් නැති අතර ගින්න හටගෙන ඇත්තේ රසායනික ප්රතික්රියාවකින් බව වාර්තා වේ.