Saturday, January 18, 2025

රන්ජන්ව හිරේ යැවූ නීතිය වාරියපොළ භික්ෂුවට අදාළ නොවන්නේ ද?

Must read

 

(10.59pm) පසුගිය අප්‍රේල් 20 වනදා වාරියපොල පොලීසිය විසින් මත්පැන් ඡාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ගත් උත්සාහයකදී  එම පුද්ගලයා  පොලිස් පරිශ්‍රයතුළ  දී  පොලිස් නිලධාරියෙකුට පහරදුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. එබැවින් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද  වාර්තා වේ. එම මත්පැන් ඡාවාරමට සම්බන්ධ සැකකරු වෙනුවෙන්   පොලීසියට පැමිණෙන  වාරියපොළ බෞද්ධ භික්ෂුවක්   වාරියපොළ පොලීස් ස්ථානයේදී  අශෝභන ආකාරයට හැසිරෙන අකාරයේ වීඩියෝවක් (22) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එහි හොදාකාරවම එම භික්ෂුව විසින්  පොලීස් නිලධාරීන්ට හා නීතියට නිගරු වන ආකාරයෙන් හැසිරෙන අයුරු  දිස්වේ.
එම භික්ෂුව විසින්ම වාරියපොළ පොලීසියේ නිලධාරියෙකුට දුරකථන ඇමතුමක්ද සමාජ මාධ්‍ය තුළ ප්‍රාචරය වේ.  එම දුරකථන සංවාදයේද  ඉතාම අශිෂ්ට භාෂාවක් පාවිච්චි කරමින් පොලිස් නිලධාරියා අහසුතාවයට පත්කරන අකාරය මෙම හඩපටය අසන්නන්ට තෙරුම්යනු ඇත. දැනට සති දෙකකට ඉහතදී පා.මන්ත්‍රි රන්ජන් රාජමනායක මහතාට චෝදනා කරමින් අත්අඩංගුවට ගත්තේ පොලීසියේ රාජකාරියට බාධාකිරීම  පදනම් කිරීමේ චෝදනාව පදනම් කරගනිමිනි.  එසේ නම්  වාරියපොළ පොලීසියට පැමිණ මෙම  භික්ෂුව විසින් හැසිරෙන සහ කතාකරන ආකාරය සාධාරණය කළ හැකිද ? මේ රටතුළ සමහරක් බෞද්ධ භික්ෂූන් ඉදිරියේ පොලීසිය  සතපහට වැටුණ පළමු අවස්ථාව මෙය නොවන අතර මෙය ඉතාම පිළිකුල් සහගත මෙන්ම පිටුදැකිය යුතු තත්ත්වයකි.  දේශපාලන හය්ය ගෙන නීති විරෝධී ක්‍රියාවන්ට නායකත්වය දෙන දේශපාලකයන් සේම දේශපාලන හය්ය ගෙන හැසිරෙන මෙවැනි ආගමික නායකයින්ද තරතිරම නොබලා දඩුවම් ලැබිය යුතුය. රන්ජන් රාමනායකව අත්අඩංගුවටගත් නීතියම මෙම භික්ෂුවටද අදාළ විය යුතු නොවන්නේද ?

 


ඡායාරූප උපුටා ගැනීම – සමාජ මාධ්‍ය ජාලයෙන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article