Sunday, January 19, 2025

රණවිරු ස්මාරකය නැවත ඉදිකරන්න රණවිරු පවුල්වලින් ආණ්ඩුවට මාසයක් !

Must read

ranwiru_13කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය එම ස්ථානයෙන් ඉවත්කිරීමට විරෝධය පළකරමින් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කිරීම සදහා අද (05 දා ) එම ස්ථානයට පැමිණි රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් පැය දෙකක පමණ කාලයක් එහි රැදී සිට ඉවත් වී ගියහ.

අද පෙරවරු 10 ට පමණ එම ස්මාරකය තිබූ ස්ථානයට පැමිණි සිටි මිය ගිය රණවිරුවන්ගේ භාර්්‍යාවන්, මව්වරුන් ඇතුලු පිරිසක් යුද සමයේදී ජීවිතක්ෂයට පත් වූ රණවිරුවන්ගේ ඡායාරූප රණවිරු ස්මාරකය කඩා ඉවත්කළ ස්ථානයේ ඇති සුන්බුන් මත තැන්පත් කළහ. අනතුරුව එම ස්ථානයට වැඩම කර සිටි භික්ෂූන් වහන්සේ විසින් පිරිස පංචශීලයෙහි පිහිටවනු ලැබූහ.

ආගමික වතාවත් අවසන්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ රණවිරු ඥාතින් ප‍්‍රකාශ කළේ භික්ෂූන් වහන්සේගේ අනුශාසනා මත තම උපවාසය අත්හිටුවීමට තීරණය කළ බවයි. ඉවත් කළ රණවිරු ස්මාරකය එම ස්ථානයේම නැවත ඉදිකිරීම සදහා රජයට මාසයක කාලයක් ලබාදෙන බවටත්, එසේ නොවුනහොත් තමන් සැලසුම් කළ අඛණ්ඩ උපවාසය නැවත ආරම්භ කරන බවත් පැවසූ පිරිස එම ස්ථානයෙන් ඉවත් වී ගියහ. ranwiru_1 ranwiru_2 ranwiru_3 ranwiru_4 ranwiru_5 ranwiru_6 ranwiru_7 ranwiru_8 ranwiru_9 ranwiru_10 ranwiru_11 ranwiru_12

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article