Friday, November 22, 2024

යල කන්නයේ වී මිලදී ගැනීම අද ඇරඹේ.

Must read

යල කන්නයේ වී අස්වැන්න මිල දී ගැනීම දිවයින පුරා පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් සියඵ ගබඩාවලදී අද ( 30 දා ) සිට සිදුකෙරෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්. බී. දිසානායක මහතා කියයි.

වී මිල දී ගැනීමේ වැඩසටහන පිළිබඳව ‘වයඹ ටුඩේ’ වෙබ් අඩවිය වෙත වැඩිදුරටත් අදහස් දැක් වූ දිසානායක මහතා මෙසේ ද පැවසීය.

”යල කන්නයේ වී අස්වැන්න ගොවි මහතුන්ගෙන් ක‍්‍රමවත්ව හා කඩිනමින් මිලට ගැනීමේ කාර්යය වී අලෙවි මණ්ඩලය විසින් අද දින සිට ආරම්භ කරනවා. මෙවර වී අස්වැන්න මිල දී ගැනීම සදහා රජයෙන් රුපියල් මිලියන 6000 ක මුදලක් වෙන්කර තිබෙනවා. ඒ නිසා ගොවි මහතුන්ට තමන්ගේ අස්වැන්න වී අලෙවි මණ්ඩල ගබඩා වලට භාරදුන් වහාම ඒ ළඟම ඇති මහජන බැංකු
හෝ ලංකා බැංකු ශාඛාවෙන් ඒ මොහොතේම මුදල් ලබාගන්නට පුළුවන්. ”

ජනාධිපතිතුමාගේ , අගමැතිතුමාගේ සහ ආහාර සුරක්‍ෂතා ඇමැතිතුමාගේ උපදෙස් මත ඒ ඒ දිස්ත‍්‍රික්කවල දිසාපතිවරුන් සහ ගොවිජන සේවා කොමසාරිස්වරුන් සහ රජයේ නිලධාරීන් සම්බන්ධ කරගෙන අධීක්‍ෂණ කමිටු පිහිටුවලා, ඒ අධීක්ෂණය යටතේ ගොවියාගේ පමණක් වී සාධාරණ විදිහට මිලදී ගන්න අවශ්‍ය කරන විශේෂ වැඩපිළිවෙලක් අපි මෙවර සකස්කරලා තියෙනවා. අපි කිසි විටක වී වෙළෙඳුන්ගේ වී තොග මිල දී ගන්නේ නැහැ. ඒ අනුව ගොවි මහතුන්ට යල කන්නයේ අස්වැන්න ඉතාමත් සාධාරණ ආකාරයට විකුණා ගැනීමේ සියළු පහසුකම් සලසා තිබෙන බව කියන්න පුඵවන්. ”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article