Sunday, January 19, 2025

මෝය ක‍ටේ දිය කෙළිය මරුකටෙන් නවතී.

Must read

මුන්දලම පොලිස් බල ප්‍රදේශයට අයත් උඩප්පුව මෝය කට ආසන්නයේ ඊයේ (20) පස්වරුවේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වී සිටි ‍ලාබාල තරුණයෙකු‍ගේ මළසිරුරක් අද උදෑසන වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී සොයා ගත් බව මුන්දලම පොලිසිය කියයි.

දියේ ගිලීම නිසා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩප්පුව, අංක 06 ප්‍රදේශයේ පදිංචි කමලේෂ්වරම් ලෝගේෂ්වරන් නැමති 15 හැවිරිදි වියෙහි පසුවන නව යොවුන් වියේ පසුවන තරුණයෙකි.

ජීවිතක්ෂයට පත් තරුණයා සහ තවත් තරුණයින් පිරිසක් ඊයේ සවස උඩප්පුව මෝය කට ආසන්නයේ දිය නාමින් සිටි ඇති බවත්, ඒ අවස්ථාවේදී ලෝගේෂ්වරන් තරුණයා එකවරම දියෙහි ගිලී අතුරුදහන් වී ඇති බවත් මූලික පොල්ස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. ඔහු සමග දියනාමින් සිටි ‍සෙසු තරුණයින්ගේ දැනුම්දීම මත ප්‍රදේශවාසීහු විසින් දියේ ගිලුණු තරුණයා සොයාගැවීම පිණිස මහත් පරිශ්‍රමයක් දැරූ නමුත් ඔහුව සොයාගැනීමට නොහැකි විය.

මේ හේතුවෙන් අද උදෑසන එහි පැමිණි කල්පිටිය නාවික හමුදා කදවුරට අයත් නාවික හමුදා කිමිදුම්කරුවන් පිරිසක් විසින් ගැඹුරු මුහුදේ පවා මළ සිරුර සොයා සෝදිසි මෙහෙයුම් දියත් කළද දියෙහි ගිලුණු තරුණයාගේ සිරුර සොයාගැනීමට නොහැකි විය.

සෝදිසි මෙහෙයුම් නවත්වා පැය කිහිපයකට පසුව උඩප්පුව වෙරළ තීරයට මෙම තරුණයාගේ මළ සිරුර ගොඩා ගසා ඇති බවට ප්‍රදේශවාසින් විසින් කළ දැනුම්දීමකට අනුව එහි පැමිණි මුන්දලම පොලිසියේ නිලධාරීන් විසින් මළසිරුර පොලිස් භාරයට ගත්හ.

පසුගිය දිනවල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මුන්දලම සහ ඒ අවට ගම්මාන රැසක් ජලයෙන් යටවී තිබීම නිසා පසුගිය 17 වැනිදා බැකෝ යන්ත්‍ර යොදවා උඩප්පුව මෝය කට ගැඹුරු කිරීමට ආපදා කළමනාකරණ ඒකකය විසින් කටයුතු කර තිබූ අතර මෙම තරුණයින් පිරිස දියනෑමට ගොස් ඇත්තේ මෝය කටෙහි එවැනි අවදානම් තත්වයක් තිබියදීය.

සටහන සහ ඡායාරූප
වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන , වනාතවිල්ලුව තිලක්ෂි කෞෂල්‍යාupappuwa1 upappuwa2 upappuwa3 upappuwa4 upappuwa5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article