Wandering Wisp (Agriocnemis pygmaea)—-Male
මෙරට හමුවන බත්-කූරන් (dragonflies) සහ ඉරටු කූරන් හෙවත් ගිනි කූරන් හෙවත් ඉරට්ටන් (damselflies) අතරින් කුඩාම විශේශය මෙය වේ.ප්‍රමානයෙන් සෙ.මී.2.0 (අඟල් 0.8 ) පමන දිගකින් යුතුය.පිරිමි සතාගේ උරස කලු සහ කොල පාටින් යුතු අතර අලු හෝ කලුවන් උදරයේ අවසන් කොටස රතු හෝ තැඹිලි පාටක් ගනී.
මෙරට සියලුම දේශගුනික කලාපවල හමුවන මෙම ඉරටු කූරා වගුරු බිම් සහ අනෙකුත් තෙත් බිම් ආශ්‍රිතව ජීවත් වන්නෙකි.බොහෝ විට ජල පෘශ්ථයට හෝ පොලොවට මඳක් ඉහලින් ශාක පත්‍ර,කඳන් හෝ ත්රුන සහ ගොයම් ශාකවල වසා සිටිනන් මේ සත්වයා සෙමින් පියඹන්නෙකි.එසේම වැඩි වේලාවක් වසා සිටින්නෙකි.
අනමුත් මේ ඉරටු කූරා ඉතා හොඳ දඩයම් කරුවෙකු වන අතර කුඩා ගොදුරු මෙන්ම විශාල සතුන් පවා ගොදුරු කර ගැනිමට සමත් වේ.එසේ විශාල ගොදුරක් (මැස්සෙකු) මත යැපෙන අවස්ථාවක් මෙම ඡායාරූපයෙන් දැක්වේ.
පිරිසුදු ජලය මෙන්ම කාබනික සහ රසායනික ද්‍රව්‍ය මගින් යම් තරමක් දූශිත ජලය සහිත ස්ථානවලද හමුවන අතර නාගරික තෙත් බිම් වලද නිතර දකින්නට ලැබේ.
එනමුත්,ඉතා කුඩා ශරීරය,සෙමින් පියඹා යාම සහ පොලොව මට්ටමට ආසන්නයේ හමුවන නිසාත් මෙම විශේශය බොහෝ දෙනෙකුට මඟ හැරෙන්නෙකි.
පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධන