අද ලෝක සමුද්‍ර දිනයයි. සමුද්‍ර දූෂණය වැලැක්වීම වෙනුවෙන් ලෝකයේ පරිසරවේදීන් අද ඔවුන්ගේ හඩ විවිධාකාරයව ක්‍රියාවට නංවනු ලබයි. මේ වනවිට ලංකාවේ මුහුද මෙන්ම වෙරළ පරිසරයද මිනිසුන් අතින් අපවිත්‍රවී හමාරය. ඒ මදිවාට අප විශාලතම සමුද්‍ර දූෂනයකට පසුගියදා මුහුණ දුන්නෙමු. ලෝක සමුද්‍රීය දිනය වෙනුවෙන් මුහුද සහ එහි පරිසරය සම්බන්ධව පරිසරවේදී ජගත් ගුණවර්ධන විසින් වැදගත් කරුණු සහිතව ලිපි පළකර ඇති අතර පහත පළවන්නේ ඔහුගේ Facebook පිටුවෙන් උපුටාගත් ලිපියකි.
ලෝක සමුද්ර දිනයේදී අපට සමරන්නට වන්නේ මොනවාද?
අද (ජූනි08) ලෝක සමුද්රීය දිනයයි.නමුත්,මෙවර අප මේ දිනය සමරන්නේ මෙරට ඉතිහාසයේ සිදුවුන දරුනුතම සමුද්රීය අනතුර සහ විශාලතම සමුද්ර පරිසර දූශනයත් සමඟිනි.මේ ගැන බොහෝදේ කියවී තිබෙන නිසා ඒ ගැන නොව,මුහුදු සතුන් පිලිඹඳ සලකා බැලීම යෝග්ය බව පෙනේ.
මුහුදු සතුන් යන්නට මුහුදු ක්ශීරපායීන් මෙන්ම කැස්බෑවන් වැනි මුහුදු උරගයිනුත්,මුහුදු පක්ශීනුත්,මත්ස්යයන් සහ විශාල අපෘස්ථවංශිකයන් සංඛ්යාවකුත් අයත් වේ.
නමුත්,මේ අතුරින් මෙරට තුල නීතිමය ආරක්ශාව හිමිව තිබෙන්නේ සුලු සංඛ්යවකට පමනකි.එමෙන්ම,තත්වානුරූපීයව මින් ආරක්ශිතව සිටින්නේ කවුරුන්ද යන්න බලන කල ඉතිරි වන්නේ ඉතා සුලු සංඛ්යාවක් පමනි.
මෙරට මුහුදු පක්ශීන් අතර නේවාසිකයන් සහ සංක්රමනිකයන් යන දෙකොටසම ඇතුලත් වේ.එසේම මේ සියල්ලන්ම මේ වනවිට නීතිමය ආරක්ශාව ලබා තිබේ.එසේ වුවත්,මෙරට නේවාසික විශේශ මෙන්ම එකම ගිම්හාන ඍතු සංක්රමනිකයා වන අරුනුවන් මුහුදු ලිහිනියා හෙවත් රෝස මුහුදු ලිහිනියාත් බිත්තර දමන්නේ වෙරලාශ්රිත ගල්පර සහ කුඩා දූපත් වලය.මේ පිලිඹඳ පසුගිය දශක තුන තුල කල අධ්යයන මගින් පෙනුනේ මහ කොන්ඩ මුහුදු ලිහිනියා (Large Crested Tern) සහ අරුනුවන් මුහුදු ලිහිනියා (Roseate Tern) අතීතයේ සිට බිත්තර දැමූ සමහර ස්ථාන අතහැර ගොස් තිබෙන බවත්,තවත් ස්ථානවල බෝවීම අක්රමවත් ලෙස සිදුවන බවත් වේ.මේ ස්ථාන අතුරින් අප දශක දෙකක් පුරා අවධානයට ලක්කල අම්බලන්ගොඩ ගෙඳවානා ගල (දෙවන ඡායාරූපය)හොඳම නිදසුනකි.මෙහි අරුනුවන් මුහුදු ලිහිනියා සහ මහ කොන්ඩ මුහුදු ලිහිනියාත් අතීතයේ පටන් බෝවීමට තෝරත් ස්ථානයක් වන මුත්,පසුගිය දශකයේ ඇතැම් වසරවල ඔවුන් මෙහි බිත්තර නොදමා නික්ම යාමත්,තවත් වසරවල සුලු වශයෙන් බිත්තර දැමීමත් දැකිය හැකිවිය.එසේම හික්කඩුවෙ වාවල ගල්වල මොවුන් බිත්තර දැමීම දශක තුනකටත් පෙර සිට අථැර දමා තිබේ.මෙයට හේතූන් අතර මේ පක්ශීන් ආහාරයට ගන්නා කුඩා මසුන් හිඟවීම මෙන්ම ඔවුන්ට සිදුවන හිරිහැරත් හේතූන් වේ.
මුහුදු මත්ස්යයන් අතුරින් ලොව පුරා වැඩිම අවදානමට ලක්වුනු කාන්ඩය වන්නේ දැති මෝරුන් (Sawfishes) වේ.මොවුන් තවමත් ශ්රී ලංකාවේ ආරක්ශිත සතුන් නොවේ.එසේමුත්,ඔවුන් සියල්ලම නියෝගයකින් ආරක්ශාවට ලක්කල හැක.එමෙන්ම,මේ වන විටත් සහ වඳවීමේ තත්වයට අත්යාසන්න තත්වයේ පසුවන සහ දැඩිලෙස තර්ජනයට ලක්වූ මත්ස්ය විශේශ රාශියක් අනාරක්ශිතය.
මේ අතුරින් කරමල් පෝරු (gill rakers) සඳහා මරා දමන යක් මඩුවන් (Manta Rays) සහ මහ මඩුවන් (Eagle Rays) නීතියෙන් අනාරක්ශිත මෙන්ම ඔවුන් විශාල ලෙස ඝාතනය කරන රටක් වශයෙන් අපවාදනීය තත්වයක සිටී.
එසේම විශාල ලෙස මරා අපනයනය කිරීමෙන් විරල තත්වයට පත් තවත් මත්ස්යයෙකු වන්නේ මුහුදු අශ්වයාය.
(Sea Horses)(තුන්වන ඡායාරූපය)
(Sea Horses)(තුන්වන ඡායාරූපය)
පසුගියදා පැවති පරිසර දිනය දවසේ මෙරට ප්රමුඛතම සමුද්රීය විශේශඥයෙකු වන රෙක්ස් ද සිල්වා මහතා ප්රකාශ කර සිටියේ මේ වන විටත් මෙරට මුහුදේදී Sandtiger Shark නම් මෝර විශේශය මෙන්ම මහ කොස්සාත් (Giant Grouper) ඉතා විරල තත්වයකට ලක්වී තිබෙන බවයි.නමුත්,මේ කිසිම විශේශයක් තවමත් ආරක්ශිත නැත.
සමුද්රීය අපෘස්ථවංශික සතුන් පිලිඹඳවත් තිබෙන්නේ මෙවන් ශෝචනීය තත්වයකි.අධි පාරිභෝජනය නිසා මෙරට මුතුබෙල්ලන් ස්ම්පත වනසා දමන ලද්දේ බ්රිතාන්ය පාලන සමයේදීය.නමුත්,මේ වන විටත් තවත් මෙවන් ආර්ථිකව වටිනා සම්පත් වන මුහුදු කූඩැල්ලන්,කටු පොකිරිස්සන් (Spiny Lobsters)(හතරවන ඡායාරූපය),හක් බෙල්ලන් සහ ලොඩියන් (Jellyfishes) වැනි සම්පත් අදික ලෙස උකහා ගැනීම නිසා විරල තත්වයට පත්වී තිබේ.
අවසන් වශයෙන් පෙන්වාදිය හැක්කේ සමුද්රයේ භෞතික සම්පත් මෙන්ම සමුද්ර ජීවීන්ට ආරක්ශාව ලබාදීම පිලිඹඳවත් අපට තව කල යුතු බොහෝදේ ඉතිරිව තිබෙන බවයි.එමෙන්ම,මේ ඇතැම් පියවර ඉතා කඩිනම් විය යුතු බවත් වේ.