සදලංකාව, තඹකන්ද ප්රදේශයේ පිහිටි නිවසකට සහ බස් රථයකට වෙඩි තබා පලා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහය පතයි.
පසුගිය 26 වැනිදා උදෑසන මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් තඹකන්ද ප්රදේශයේ පිහිටි මෙම නිවසට සහ සහ ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථයකට ටී පනස්හය වර්ගයේ ගිනි අවියක් යොදාගනිමින් වෙඩි ප්රහාරයක් එල්ල කළ ප්රදේශයෙන් පළා ගිය අතර වෙඩි ප්රහාරයෙන් ජීවිත හානියක් සිදු නොවීය.
අදාළ වෙඩි ප්රහාරය එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකු පොලිසිය විසින් මේ වන විට හදුනාගෙන ඇති අතර මෙම සැකකරු කඩුවෙල මහේස්ත්රාත් අධිකරණ භූමියේදී පසුගියදා සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන්ද චෝදනා ලබා සිටින අයෙකු බව පොලිසිය කියයි.
මෙම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා පිළිබදව හෝ ඔහු ගැවසෙන ස්ථානයක් පිළිබදව තොරතුරක් දන්නේ නම් 0372281112 හෝ 0372246036 යන අංකවලට අමතා ඒ පිළිබදව ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කුලියාපිටිය – උපේන්ද්ර සේරසිංහ