Saturday, January 18, 2025

මුසලිම් වෙළෙඳුන් සතිපොළෙන් ඉවත්කිරීමට තැත්කිරීම සමබන්ධයෙන් සුසන්තට අධිකරණ නියෝගයක්

Must read

susantha-and-MR
දංකොටුව සතිපොළෙන් මුස්ලිම් වෙළෙන්ඳන් තාවකාලිකව ඉවත් කරන ලෙසට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති සුසන්ත පෙරේරා විසින්  දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් පසුගිය 24 වනදා ලිඛිතව ඉල්ලා තිබේ.
ඒ සම්බන්ධයෙන් මේ මස 28 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මාරවිල අධිකරණය විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට නියෝග කරනු ඇති බව දංකොටුව පොලිසිය ආරංචි මාර්ග පවසයි.
දංකොටුව සතිපොළෙහි වෙළෙඳාමේ නිරත මුස්ලිම් ප්‍රජාව ඉන් ඉවත් කරන ලෙස ඉල්ලා තමන් දංකොටුව පොලීසියෙන් ලිඛිතව ඉල්ලා සිට්යේ වෙළෙඳුන් අතර ඇතිවූ ගැටුමක් නිසා බවත් තමන් එසේ කළේ සාමය ආරක්ෂා කිරිමට මිස දේශපාලන අරමුණු ඉෂ්ට කරගැනීමේ උවමනාවෙන් නොවන බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී සුසන්ත පෙරේරා සිය මුහුණු පොතේ සඳහන් කර ති⁣බේ.
සභාපතිවරයාගේ ලිබිතඉල්ලීම සම්බන්ධයෙන් අධිකරනයේ  පිහිට පැතීමට අවශ්‍ය වූ අතර එබැවින් මෙම ඉල්ලීම දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට යොමුකර තිබේ.
ඒ අනුව කරුණු විමසීම සඳහා අධිකරණය විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අධිකරණයට කැඳවනු ලැබ තිබේ.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article