Saturday, January 18, 2025

මුව ආවරණ නොමැතිව ගමන්කළ 10 දෙනෙකු නාත්තන්ඩියේදී අත්අඩංගුවට

Must read

arrest-768x432

(10.59am) මුව ආවරණ නොමැතිව මහ මග ගමන් කරමින් සිටි පුද්ගලයින් 10 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන්ට එරෙහිව මාරවිල දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු යොදා ඇත.

නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොට්ටරාමුල්ල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පසුගිය 10 වැනිදා කොට්ටරාමුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයෙකු වාර්තා විය.25 හැවිරිදි අසාධිත තරුණිය කන්දකාඩු මත් ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්තපනය කරන මධ්‍යස්ථානයේ සේවය කරන උපදේශිකාවකි.ඇය මේ වන විට කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.එම ආසාධිතයා හමුවීමෙන් අනතුරුව කොට්ටරාමුල්ල සහ අවට ගම්මාන කීපයක පදිංචි පවුල් 11 ක පුද්ගලයින් 49 දෙනෙකු නීරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.ඉන් පවුල් 10 ක පුද්ගලයින් 47 දෙනෙකු ස්වයං නීරෝධායනය වන අතර,දෙදෙනෙකු කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇත.එම දෙදෙනා හදුනා ගත් ආසාධිතයා තරුණියගේ මව සහ පියා වේ.

එවැනි අවදානමක් ඇති තත්ත්වයක මහ මග මුව ආවරණ නොමැතිව ගමන් කරන පුද්ගලයි රැසකට අවවාද කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.නමුත් අවවාද නෙතකමින් තව දුරටත් මුව ආවරණ නොමැතිව ගමන් කරන පුද්ගලයින්ට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් අතරින් 08 දෙනෙකු මුස්ලිම් ජාතිකයින් වන අතර,සෙසු දෙදෙනා සිංහල සහ දමිළ ජාතිකයින්ය. නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂක සාගර මහතා විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article