Saturday, November 23, 2024

මීගලෑව මහවැලි විදුහල්පතිගේ කුණුහරුප ඇමැතුමකට එරෙහිව මාධ්‍යවේදියෙකු පොලිසි යයි.

Must read

Angry businessman yelling into a cellphone. Isolated on white.

මීගලෑව මහවැලි ජාතික පාසලේ විදුහල්පති ප්‍රසාද් හේරත් මහතා විසින් තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී මරණ තර්ජන කළ බවට ගල්ගමුව දිනමිණ ප්‍රාදේශීය වාර්තාකරු එම්. එම්. ක්‍රිෂාන් මහතා විසින් ඊයේ (02 දා) මීගලෑව පොලිසිය වෙත පැමිණිලි කළේය.

පැමිණිලි අංක cib (1) 352/1 යටතේ එම්. එම්. ක්‍රිෂාන් මහතා විසින් මීගලෑව පොලිසිය වෙත කළ පැමිණිල්ලේ සදහන් වන්නේ මීගලෑව මහවැලි ජාතික පාසලේ සිංහල විෂය උගන්වන ගුරුවරයෙකුගෙන් කාලසටහන් ඉවත්කිරීම පිළිබදව තමා විසින් ලියූ ප්‍රවෘත්තියක් ඊයේ (02 දා) දිනමිණ පුවත්පතෙහි පළ වී තිබූ බවයි. අදාල ප්‍රවෘත්තිය කියවා තිබූ මීගලෑව මහවැලි ජාතික පාසලේ විදුහල්පති ප්‍රසාද් හේරත් මහතා ඊයේ පෙරවරු 11.39ට පමණ 0772417225 දරණ ජංගම දුරකථන අංකයෙන් තමා අමතා අදාල ප්‍රවෘත්තිය පළකිරීම පිළිබදව තදබල ලෙස දෝෂාරෝපණය කළ බවත්, ඉතා අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් තමන් මරා දමන බවටත් තර්ජනය කළ බවද එම පැමිණිල්ලේ සදහන්ය. එමෙන්ම අසභ්‍ය වදන් කියමින් තමාට පමණක් නොව ගුරුවරයෙකු වන තම පියාටත්, තමන් විවාහවීමට සිටින තරුණියටත් අපහාසාත්මක අන්දමින් බැණවැදුණු බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වෙයි.

මීගලෑව මහවැලි ජාතික පාසලේ විදුහල්පතිවරයාට ඩෝං ගිය පුවත්පත් වාර්තාව පහතින් දැක්වෙයි.

aroshana

(ප්‍රවෘත්තිය ආරම්භයේදී යොදාගෙන ඇති  ඡායාරූපය මෙම සිදුවීමට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න )

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article