Friday, November 22, 2024

මැකොගේ පැමිණිල්ලෙන් අකිලගේ අටකට නඩු.

Must read

තැපැල් ඡන්ද විමසීම සිදු වූ පළමු දිනය වූ ඊයේ දිනයේදී කුරුණෑගල පිහිටි වයඹ පළාත් සංකීර්ණයට ඇතුඵ වී නීතිවිරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව කියන එක්සත් ජාතික පක්‍ෂ ආධාරකරුවන් අට දෙනෙකු , එක් අයෙකුට රුපියල් 2500 ක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවින්ද්‍ර පේ‍්‍රමරත්න මහතා ඊයේ ( 04 දා) නියෝග කළේය.

මෙලෙස මුදාහැරුණේ එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්‍ෂක අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආධාරකරුවන් බව කියන තරුණ තරුණයින් අටදෙනෙකි. ඔවුහු කුලියාපිටිය ප‍්‍රදේශයේ පදිංචි විජේසුන්දර මුදියන්සේලාගේ කුමාරසේන , ජානක චමින්ද , කරුණාදාස , ආර්. එම්. ධර්මදාස , ආර්.ප‍්‍රියංගි එදිරිසිංහ , උදේශිකා සංජීවනී , බුද්ධිනි කුමාරි, ඩේවිඩ් රාජ් ප‍්‍රශාලිනී යන අයවඵන් වෙති.

මෙම පිරිස වයඹ පළාත් සභා සංකීර්ණය තුළ පිහිටි රාජ්‍ය ආයතනවලට ඇතුළු වී අපේක්ෂක ප‍්‍රචාරක පත‍්‍රිකා සහ කාඩ්පත් බෙදාහරිමින් සිටින බවට කුරුණෑගල සහකාර මැතිවරණ කොමසාරිස් කේ. ජේ. එස්. මාධව මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට මෙම පිරිස සන්තකයේ තිබූ මැතිවරණ ප‍්‍රචාරක අත් පත‍්‍රිකා 360 ක් සහ ප‍්‍රචාරක කාඞ්පත් 178 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඡායාරූපය –
වයඹ පළාත් සංකීර්ණය. (පුස්තකාල සේයාරුවකි. )

provicial council

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article