Sunday, January 19, 2025

මාධ්‍යවේදියෙකු ගැන වැලි ජාවාරම්කරුවෙකු පොලීසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ දී උණුසුම් තත්ත්වයක්

Must read

02 05 03 01 (1)
වැලි ජාවාරමක් සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණයක් සදහා ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් මහතාට විරුද්ධව එම වැලි ජාවාරම්කරුවා විසින් මාදම්පේ පොලීසියට කර ඇති බව කියන පැමිණිල්ලක් හේතුවෙන් 01 වැනිදා දහවල් මාදම්පේ පොලීසිය තුළ උණුසුම් තත්ත්වයක් ඇති විය.

මාදම්පේ – පොතුවිල ප්‍රදේශයේ සිදු කරන වැලි ජාවාරමකට එරෙහිව ප්‍රදේශවාසීන් පසුගිය 29 වැනිදා එම ස්ථානයේ විරෝධතාවයක් සිදු කර ඇත. එම විරෝධතාවය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමල් මහතා විසින් ආවරණය කර ඇත.

අනතුරුව එම වැලි ජාවාරම්කරුවා විසින් ප්‍රසාද් මහතාට එරෙහිව පැමිණිල්ලක් මාදම්පේ පොලීසිය හමුවේ සිදු කර ඇත.එම පැමිණිල්ල විභාග කිරීම සදහා 01 වැනිදා පෙරවරු 11.00 ට පැමිනෙන ලෙස පොලීසිය විසින් ප්‍රසාද් මහතාට දැණුම් දී ඇත.

නමුත් එම විභාගය සදහා පැමිණිළිකරු පැමිණ සිටියේ නැත.තම ගමට සිදුවන හානිය සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියාට එරෙහිව වැලි ජාවාරම්කරුවා විසින් සිදු කර ඇති පැමිණිල්ලට එරෙහිව පොතුවිල ගම්වැසියන්,පරිසර සංවිධාන නියෝජිතයින් සහ මහා සංඝරත්නය මාදම්පේ පොලීසිය වෙත පැමිණ සිටියේය.එම අවස්ථාවේ මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

මෙම වැලි ජාවාරමට එරෙහිව තමන් විසින් මාදම්පේ පොලීසියට පැමිණිළි 05 ක් කර ඇති නමුත් එම එකම පැමිණිල්ලක් වත් මේ දක්වා විභාග කර නොමැති බව එම ස්ථානයට රැස්ව සිටි පිරිස් කියා සිටියේය.

පැමිණිළි විභාගය පසුවට කල් තැබීමට පොලීසියට සිදු විය.


ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article