මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා යැයි කියමින් මාධ්‍යවේදිහු ඊයේ දවස පුරා කුරුණැගල නගර පුරා පත්‍රිකා බෙදමින් පෝස්ටර් අලවන් ජනතාව දැනුවත් කිරිමේ ව්‍යාපාරයක යෙදුණි.
මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව ව්‍යඹ ජනමාධ්‍යවේදින්ගේ එකමුතුව විසින් සංවිධානය කර තිබුණ මෙම ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනේදි ඝාතනයට ලක් කළ අතුරුදහන් කළ මාධ්‍ය සගයන්ගේ ජිවිත වලට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් ඩිජිටල් පුවරුවකට මහජන අත්සන් එකතු කිරිමේ වැඩපිළිවෙලක්ද කුරුණෑගල මහජන වෙළද පොල ඉදිරිපිටදි සංවිධානය කර තිබුණි.
ඊයේ දිනය පුරා විශාල ජනතාවක් මෙම ඩිජිටල් පුවරුවේ සිය අත්සන තබමින් මාධ්‍යවේදින්ගේ සටනට එක්ව සිටිනු දක්නා ලදි.