සංචරන සීමා නොතකමින් මාර්ගයේ ගමන් කරන පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමේ මෙහෙයුමක් පසුගිය 31 වැනිදා දවස පුරා පුත්තලම නගරය හා අවට සිදු කරන ලදි.
මේ අතර,පුත්තලම – මන්නාරම මාර්ගයේ 04 කණුව ප්රදේශයේ මහ මග කිසියම් අයෙකු ඇද වැටී සිටින බවට වන තොරතුරක් 1990 ගිලන් රථ සේවයට ලැබී ඇත.ඒ අනුව එම ස්ථානයට පැමිණි ගිලන් රථ සේවකයින් අදාල රෝගියාව කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරන ලදි. මෙම රෝගියා සම්බන්ධයෙන් ඇන්ටිජන් පරීක්ෂාවක්ද සිදු කිරීමට නියමිතව ඇත.
ඡායාරූප – ජුඩ් සමන්ත