අමාතවරුන්ගේ පදවිප්රාප්ත උත්සව, ආරාධනාපත්ර, දිනපොත් සහ සුබපැතුම් වැනි අත්‍යාවශ්‍ය නොවන ක්‍රියාකාරකම් සදහා වන වියදම් සීමා කළ යුතු බවට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශ ලේකම්වරයා විසින් 2012 පෙබරවාරි 16 දිනැති අංක 156 දරන අය වැය චක්‍රලේඛය මගින් සියඵ අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දන්වා තිබියදීත්, වයඹ පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක , වනිතා කටයුතු , ග්‍රාමීය කර්මාන්ත සහ සංවර්ධන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගුණදාස දෙහිගම මහතාගේ පදවිප්රාප්ත උත්සව සහ රාජකාරී ආරම්භකිරීමේ උත්සව වෙනුවෙන් 2012 වසරේදී එම අමාත්‍යංශය විසින් රුපියල් එක්ලක්ෂ හැට හයදහස් අටසිය අනූවක (166890) මුදලක් වැය කර ඇති බව අනාවරණය වෙයි.
මේ බව අනාවරණය වූයේ වයඹ පළාත් සභා මන්ත්‍රී රංජිත් ගුණසේකර මහතා (ප්‍ර. ප) විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් වයඹ පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක , වනිතා කටයුතු , ග්‍රාමීය කර්මාන්ත සහ සංවර්ධන කටයුතු අමාත්‍යවරයා වෙත යොමු කර තිබූ ප්‍රශ්නයකට 2015 අගෝස්තු මස 25 වැනිදා පැවැති පළාත් සභා රැස්වීමේදී එවකට එම අමාත්‍යධූරය දැරූ සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා විසින් ලබා දුන් පිළිතුරකිනි.
අදාළ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා සිය පූර්වගාමී අමාත්‍යවරයාගේ (ගුණදාස දෙහිගම මහතා ) නව අමාත්‍යධූරයෙහි රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය සදහා ආරාධනාපත්ර මුද්‍රණය කිරීමට රුපියල් 6800ක්ද, එම උත්සවය සදහා දිවා ආහාර සැපයීම වෙනුවෙන් රුපියල් 68640 ක්ද, අමාත්‍ය ධූරයට වසර තුනක් සැපිරීමේ උපහාර උළෙල සදහා ආහාරපාන සහ සංග්‍රහ වියදම් ලෙස රුපියල් 27000 ක්ද, එම උත්සවයේ බැනර් සදහා රුපියල් 9600ක් ද, අයවැය විවාදය අවස්ථාවේදී මැති ඇමැතිවරුන්ට කැටයම් තිළිණ ලබාදීම සදහා රුපියල් 50250ක්ද, අමාත්‍යවරයාගේ සුබපැතුම්පත්ර සහ ලිපිකවර මිලදීගැනීමට රුපියල් 4600ක් ද වැයකර ඇති බව පැවසීය.
ඒ අනුව ගුණදාස දෙහිගම මහතාගේ පදවිප්රාප්ත උත්සව, රාජකාරී ආරම්භකිරීමේ උත්සව සහ තිළිණ ලබාදීම වෙනුවෙන් වයඹ පළාත් සමාජ සුබසාධන අමාත්‍යංශය විසින් 2012 වසරේදී වැයකර ඇතැයි විගණනයට ලක් වූ මුදල පමණක් රුපියල් එක්ලක්ෂ හැට හයදහස් අටසිය අනූවකි.