Saturday, January 18, 2025

මහ සීකුරාදා Good Friday and Frugal Meal.

Must read

මහ සීකුරාදා හෙට නිසා මේ සටහන අද ය. මා සංස්කෘතීක කිතුනුවකු වීම නිසාම මේ දීනය ගැන මතක බොහෝය.

හෙට උදේම කරවල කටු සොයා යා යුතුය කරවල කටු හොද්ද , පොල්සම්බලය හා නාඩු හාල් බත මගේ මොරටු සංස්කෘතීයේ ආහාරයයී. මෙය කීප වතාවක්ම කී නිසා ඒ ගැන වීස්තරයක් නැවත නැත.

අම්මා සමග බැඳුනු මහ සීකුරාදා සැමරීම විචිත්‍ර ලෙස මතකයේ ඇත ඇය එය ස්මරණය කල ආකාරය සංස්කෘතීකය ආගමීකය. මා ඉන් ගත්තේ සංස්කෘතීයයී. මහ සීකුරාදාවට සාමාන්‍යයෙන් වැස්ස වහින බව අම්මා කියයී..

අවුරුදු 15 වන තෙක් මහ සීකුරාදා පල්ලී යාමට බල නොකෙරුන අතර 15 න් පසු යාමට අම්මා වීසීන් බල කෙරීනී ඒ බල කිරීම අණ කිරීමක් නොවුනු ඉල්ලීමකී එයට අවනත වීමී, පල්ලියක තුන් පැයක් ගත කිරීමේ මට කෙසේවත් නොහැකීය.

සමහර ෆාදර් ලා කරන තුන් පැයේ පුජාවන් අසා සීටීමට වෙනම ඉවසීමක් අවශ්‍ය , බංකුවක වාඩීවී පැය තුනක් කතා ඇසීම පහසු කාරණයක් නොවීය . ඒ නිසාම වැඩේ ලේසීයෙන් කරගත හැකී තැනක් මට හමුවීය.

පැය 1.5 න් වැඩේ ඉවර වන මයියොක්ක වත්තේ, සාන්ත ජොසප් කතෝලික පල්ලියේ මහ සීකුරාදාවට වසර තුනක් පමන ගියේ ඒ පැය තුනේ කතාව 7 දෙනකු වීසීන් එනම් කුරුසීයේ වචන 7 මත පදනම් වී කල කතා 7ක් වීම නිසාය. එය අඩුවෙන් බෝරීං වැඩක්ය. විවිධ කිතුනු නිකායන් 7ක පුජකයන් විසින් ඒය කිරීම හා සම්ප්රදායන් 7ක් ඇසීම නරක නැත.

අවුරුදු 19 පමන වන වීට ඒ මහ සීකුරාදාවටද අයුබෝවන් කියා අවුරුදු 3ක් වීතර ගිය අතර , එදාට මහ සීකුරාදා බත පමනක් කැවේ පල්ලි යැමේ කැමැත්තක් හෝ අරුතක් ගැන පැහැදීලී අවබෝධයක් මට නොතීබු නිසාය . බඩ පැලෙන්න බත් කෑමට තරම් ඒ මෙනුව රසය.

අවුරුදු 19හෝ 20 දී මොරටුව 1989 පාස්කු රැලියකට ක්රීස්තීයනි කම්කරු සහෝදරත්වයේ CWF මොරටු සාමාජීකයන්වු අප කොල බේදු අතර අදහස නම් ක්‍රිස්තුන් යනු දේශපාලන සීරකරුවකු බව හා දේශපාලන මරණයක් ඔහුට හීමීවු බවය කාලය නරක එකක් වුවද තරුන කාලේ ඒවා දැනුනේ නැත.

ඒ මහසීකුරාදා හෝ පාස්කුවද අල්ලා ගියේ නැත.

මොරටුවේ නෙල්සන් මැන්දීස් අය්යා 1991 දී තලම්පිටියට පැමිනී කල මහ සීකුරදා තුන් පැයම හිටියේ මොරටු කාරයෙකු දේශනා කල නිසාය නෙල්සන්ගේ උපාසය පීරී කතා අසා සීටීමට කිසීම අපහසුවක් නොවීම නිසාය. සිංදුව ලස්සනය.

පල්ලියේ හැමෝටම මහ සීකුරාදා බත පල්ලියේ හැදුනු අතර හැමෝම එකට ඒවා කැහ එය සරල බතක් වීය.

92 දී පමන පලමු වතාවට ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය CWF කරන පාස්කු වැඩසටහනට ගිය අතර වීවීධ වීකල්ප ධාරවේ උගත් කිතුනු පුජකයන්ගේ සාරගර්භ කතා හා අදහස් දැක්වීම වලට සවන්දීම මට ඉතා වැදගත් වීය. ටික කලකීන්ම එයද නවතා දැමුවේ එහී සාරගර්භ භව පරයා එහී නායකයන්ගේ ගැටුම් කරලියට එන තැනක් දක්වා එය වර්ධනය වු නිසාය.

ඉන් ඒක් දිනකදී ඒහී කුටප්රාප්තිය විය. බලා ඊමේ සෙනසුරාද පාස්කු ගිනි දැල්වීම එක නායකයකු කල අතර , අනෙකකු එයට පොල් ලෙලී ඔබා ශාලාවම දුම් ගැස්සවීය ඇස් දැවීල්ල හා එකීනෙකා නොපෙනෙන තැනටම දුම් ගැසී අතර කවුදෝ රතීඥ්ඤා පත්තු කල අතර වෙඩී තියනවා යැයී සැක කල සමහරු උඩු මහලේ ජනේලවලීන් පවා බිමට පැන්නේය.

හේතුව ලෙසට කිවේ ජෙසු මරනයට රැගෙන යන වීට සෝල්දාදුවන් එනවීට මේවගේ දේවල් වෙන්න ඇතී කියාය.

Archetype ආකීටයීප් කියන වචනය ඉගෙන ගත්තේ තවත් අවුරුදු 5 කට පසු අහම්බෙන් ඒ පාස්කු වැඩසටනහනටම ගිය වීටය. එහීදී මතුවු තර්කය වුයේ නසරේනු ජෙසුන් පැරණී ගිවිසුමේ ඒන ආකීටයීපයක් බවය .

සමකාලීන භාවීතය රෝහන වීජේවීර වටා කතා කල අතර මගේ පෙර සේවාදායීකාවකගේ සැමියාවු පටබැඳීගේ නන්දසීරී වීජේවීර රෝහණ වීම ආකීටයීපයක් ලෙස ගැනීමය. .

Archetype: Generally, the original model from which something is developed or made; in literary criticism, those images, figures, character types, settings, and story patterns that, according to the Swiss analytical psychologist, Carl Gustav Jung, are universally shared by people across cultures

පාස්කුව බොහෝ වීට අප්‍රේල් වීරු සමරු සමග සමපාත වන වසර වල් තිබීම හා ඒ වසර එවැන්නක් වීම නිසාය.

නොර්වේ හීදී 3 පැයේ මෙහෙයක් නොවු අතර කුඩා පුජාවක්ද හා ඔවුන් ජයටම කලේ පාස්කු බලා සීටීමේ පුජාවය හා පාස්කුවයී. මිනිමැරීම කතා කියවන නොර්වේජීයානුවන් පාස්කු නිවාඩුව ගත කරනුයේ ඒ අභීරහස් කතා කීයවමීන්ය.

ගූ පාස්කෙ gu Paske කියා සුභ පැතීමට අමතක නොකල අතර බැටලු කටු හොද්දක් සහීත වීශේශ අහාරයක් ඔවුන් සකසතී එය ලියා ඇත.

හොංකොං වල මහ සීකුරාද පුජාව රැ වෙලා ඒ කියන්නේ වැඩට ගොස් පැමීන 7. 30 ට පමන කරතී. පැයක පුජාවකින් පසු ෆෘගල් මීල් Frugal Meal නොහෝත් අල්පේච්ච කැමකට කවුරු කවුරුත් ගෙවල් වලීන් ගෙනාවවු කැම එකට බේද ගෙන කතී. ඒ සරල කැමේ කරවල කටු හොද්දක් නොවු අතර chicken හෝ Pork ද විය

නීතිඥ ලක්ෂාන් ඩයස්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article