මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කටයුතු සදහා ගොස් සිටි තවත් තිදෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට හදුනා ගෙන ඇතැයි සෞඛය අංශ සදහන් කරයි.
මන්නාරම රදගුරු මැදුරේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටි වෙන්නප්පුව – ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කොරෝනා ආසාධිත තැනැත්තෙකු බවට මුලින්ම වාර්තා විය.අනතුරුව රදගුරු මැදුරේ සේවය කරමින් සිටි ඉදිකිරීම් බාරව සිටි 35 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණි.
ඒ අතරින් සිව් දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට පසුගිය 10 වැනිදා වාර්තා විය. ඔවුන් මන්නාරම – පෙරියකාඩු,නාත්තන්ඩිය – දුන්කන්නාව, වෙන්නප්පුව – ලුණුවිල සහ මාරවිල – කටුනේරිය පදිංචිකරුවන්ය.
පසුගිය 12 වැනිදා ලැබී ඇති පී.සී.ආර්.වාර්තා අනුව තවත් තිදෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට තහවුරු වී ඇත.ඔවුන් මාරවිල – කටුනේරිය, ආරච්චිකට්ටුව සහ මුන්දලම පදිංචිකරුව් බවට හදුනා ගෙන ඇත.
ජුඩ් සමන්ත.