එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව රාජකාරී කිරීම සදහා මධ්‍යම අප්‍රිකාව බලා පිටත් වී ගිය ශ්‍රී ලාංකික ගුවන් හමුදා සෙබළෙකු එහිදී ජීවිතක්ෂයට පත් වී තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ පලාවි ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කරමින් සිටි කෝප්රල් එච්. එම්. කුමාර බණ්ඩාර නැමැති 31 හැවිරිදි සෙබළෙකි.
මිය ගිය සෙබළාගේ මහව, මාකඩුවාව ප්‍රදේශයේ පිහිටි නිවසෙහි දැනට සතියක පමණ පෙර සිට තාවකාලික කූඩාරම් ඉදිකර, අවමංගල්‍ය දැන්වීම් පවා මුද්‍රණය කර ප්‍රදේශවාසීන් විසින් අවමගුල
සදහා සියලූ කටයුතු සූදානම් කර ඇති නමුත් මේ මොහොත දක්වාම මෘතදේහය එහි ගෙනැවිත් නැත.
මධ්‍යම අප්‍රිකාවේදී මැලේරියා රෝගයට ගොදුරුවීමෙන් මෙම සෙබළා ජීවිතක්ෂයට පත් වී ඇතැයිද, ඔහුගේ දේහය මේ වන විට උගණ්ඩාවට රැුගෙනවිත් ඇතැයිද ගුවන් හමුදා ආරංචි මාර්ග
කියයි. දේහය කඩිනමින් ලංකාව වෙත ගෙන්වාගැනීමෙන් අනතුරුව පූර්ණ හමුදා ගෞරව සහිතව සෙබළා පිළිබද අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියයි.
කෝප්රල් එච්. එම්. කුමාර බණ්ඩාර සෙබළාගේ මෘතදේහය කඩිනමින් ඔහුගේ නිවසට ගෙනැවිත් දී ඔහුට අවසන් ගෞරව දැක්වීම සදහා අවස්ථාව ලබාදෙන්නැයි ඔහුගේ වියපත් මව ඇතුඵ
ඥාතීහු රජයෙන් සහ ගුවන් හමුදාවෙන් ඉල්ලා සිටිති.
(මහව වීරරත්න බණ්ඩාර )