(5.41 pm) මදුරන්කුලියේ 10 කණුව ප්‍රදේශයේ පවත්වා ගෙන යන බෝනික්කන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාධිතයින් වාර්තා වී ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම කර්මාන්ත ශාලාව තුළ සේවක සේවිකාවන් 1000කට වඩා සේවය කරන අතර පී.සී.ආර්.වාර්තා වලට අනුව කොරෝනා ආසාධිතයින් තිදෙනෙකු (03) එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වී ඇත.ඔවුන් ආණමඩුව,මාම්පූරිය සහ මංගළඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. මීට පෙරද එම කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාධිතයින් කීප දෙනෙකු වාර්තා වී ඇත.
මදුරන්කුලියේ බෝනික්කන් නිපදවන කර්මාන්ත ශාලාවක කොරෝනා ආසාධියින් තිදෙනෙක්
