Sunday, January 19, 2025

මත්ද්‍රව්‍ය ඡාවාරමක නිරත වූ  සුරාබදු නියාමකවරයෙක් අත්අඩංගුවට

Must read

සිරකරුවෝ සුරා බදු නිලධාරින් දෙදෙනෙකු විසින් කාලයක පටන් සිදු කළ මත්ද්‍රව්‍ය ජාවාරමක් අනුව ගැණුම්කරුවන් පිරිසකට අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අලෙවි කිරිමට තැත් කළ අවස්ථාවේ දි එක් සුරාබදු නියාමකවරයෙකු සහ මත්ද්‍රව්‍ය මිල දි ගැනීමට පැමිණි පුද්ගලයින් අට දෙනෙකු එම මත්ද්‍රව්‍ය තොගය සමග ඊයේ ( 23දා )  අත්අඩංගුවට  ගෙන තිබේ.

පුත්තලම කොට්ඨාස වදුෂ මර්ධණ ඒකකය විසින්  පුත්තලම කලපුව අසල දි ගුවන් හමුදා බුද්ධි විමර්ශන ඒකකයේ නිලධාරි සහය ඇතිව  මෙම වැටලිම සිදුකර තිබේ. මෙම ගණුදෙනුව සිදුවන අතර මත්ද්‍රව්‍ය ගෙන ආ බව කියන පුත්තලම සුරාබදු ස්ථානයේ සුරා බදු පරීක්ෂකවරයා තමන් පැමිණි මෝටර රථයෙන්ම පලා ගොස් තිබේ.  අඩංගුවට ගත් ගැණුම්කරුවන් අතර සිව් දෙනෙකු පිරිමින් වන අතර සිව් දෙනෙකු කාන්තාවක්ද සිට ඇත. අත් අඩංගුවට ගත සුරා බදු නියාමක පොලොන්නරුව සුරා බදු ස්ථානයට අනුයුක්තව සේවය කරණ  නිලධෘරියෙකි.  ඔහු කැකිරාවේ පදිංචි අයෙකු බවත් කියයි. සැකකාර සුරා බදු නියාමක හා පලා ගිය සුරා බදු පරික්ෂක දිගු කාලයක පටන් සුරා බදු නිලධාරින් විසින් අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විවිධ පුද්ගලයින්ට අලෙවි කිරිමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය බවට ලැබුණ  තොරතුරු වලට අනුව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත.


ඔගස්ටින් ප්‍රනාන්දු

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article