( මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ( 07 දා ) ඉබ්බාගමුවේදී කළ සම්පූර්ණ කතාව )
තමන්ට හමුදා ආරක්ෂාව ලබාදුන්නේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් බවත්, එම හමුදා ආරක්ෂාව ලබාගනිමින් තමන් ජනපති පේ‍්‍රමදාසට විරුද්ධව පාද යාත්‍රා සහ ජන ඝෝෂා වැනි ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් මෙහෙය වූ නමුත් පේ‍්‍රමදාස විසින් තම ආරක්ෂාව ඉවත් නොකළ බවත්, රනිල් හෝ චන්ද්‍රිකා බලයේ සිටි කාලයේ පවා ඉවත් නොකෙරුණු ආරක්ෂාව දැන් ඉවත් කර ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා ඉබ්බාගමුව, පාන්ගොල්ල ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ ජනහමුවකට ඊයේ එක්වෙමිනි.
එහිදී රැස්ව සිටි පිරිස ඇමැතූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුණු හැටි සාලින්ද මැතිතුමා කිව්වා. මෙතැන පැරැන්නන් ඉන්නවා. ඒ අය දන්නවා. එදා බණ්ඩාරනායක මහත්මයා එක්සත් ජාතික පක්ෂයෙන් යද්දී ඞී. ඒ. රාජපක්ෂ මහත්මයා තමයි පළමුවෙන්ම ඒ පිටිපස්සේ ගියේ. කුරුණෑගල දිස්ත්‍රික්කයටත් අයිතිවාසිකම් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මොකද ශ්‍රී නිශ්ශංක මැතිතුමාගේ සම්බන්ධය හින්දා. ඊට පස්සේ තමයි මේ පක්ෂය හැදුණේ. ඇයි යූ ඇන් පියෙන් ගියේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්න බැරි හින්දා. පොදු ජනතාවට කෙණිහිළිකම් කරපු හින්දා. ඔවුන් ගැන හිතපු නැති හිනිදා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය අත්හැරලා ගිහිල්ලා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත්ම යුගය තිබුණේ 2005 පස්සේ කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕනෑ. මම භාරගන්නකොට මන්ත්‍රීවරු පනස් ගාණයි. මගෙන් උදුරගන්නකොට 127 දෙනෙක්. පළාත් සභාත් එහෙමයි. ප්‍රාදේශීය සභාත් එහෙමයි. ඒ වගේ පක්ෂයක් අපි දීලා, අපි හදලා, ගොඩනගලා දැන් අපිව මේ පක්ෂයෙන් එළවනවා. අපි දන්නවා සාලින්දලා මේ පක්ෂය හදන්න කරපු කැපවීම. මට මතකයි මැතිණිය මේ ආසනේ සාලින්දට භාරදෙනකොට මේක යූ ඇන් පී බලකොටුවක්. එස්. බී. හේරත් තමයි මෙහේ හිටියේ. ඒ ශක්තියට මුහුණ දෙන්න මේ තරුණයාව ගෙනත් දැම්මා. අද කිසි කතාවක් නැතිව, එක දවසින්, පැය විසි හතරින්, රට ඉන්නකොට, අඩුම ගාණේ එන්න කියලා කතා කරන්නේවත් නැතිව කොහේද යන වෙන එකෙකුට සංවිධායකකම දෙනවා. මේකද නායකත්වයේ ආදර්ශය. මම දන්නේ නෑ මේක කොහෙන්ද කෙරෙන්නේ කියලා. චන්ද්‍රසේන ඇමැතිතුමා අනුරාධපුරේ වැඩිම මනාප ගත්තු කෙනා. එතුමා එක දවසින් එලෙව්වා. එයා මුලින්ම සංවිධායකකමින් අයින් කළා. අයින් කරලා තමයි මැතිවරණෙට මූණ දුන්නේ. ඒත් පළවැනියා වුණා. දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ගත්තා. එතැනින් නැවතුනේ නෑ. අර තරුණයා මහින්ද සුළගට නුවරදී මුලින්ම නැග්ග, අමුණුගම. එතුමාව අයින් කළා. වැඩිම මනාප සංඛ්‍යාවක් අරගෙන ආපු තරුණයෙක්. මේ අය අයින් කරලා කවුද දාන්නේ. පරාජිත මිනිස්සු. ඡුන්ද නැති මිනිස්සු. පක්ෂයට කිසිම ආදරයක්, ගෞරවයක් නැති මිනිස්සු. ඉතිං මෙහෙම දාලා තමන්ගේ හෙංචයියලා ටිකක් වටකරගෙන පක්ෂයක් ගොඩනගන්න බැහැ.
අපි දන්නවා මොනතරම් බාධා මැද්දෙද අපි මැතිවරණ කළේ. ඒ බාධා කිසිවත් ජනතාව ගණන් ගත්තේ නැති හින්දා අපි වැඩි ආසන සංඛ්‍යාවක්, ආසන අනූ හයක් අරගත්තා. රටේ ජනාධිපතිවරයාට ඕනැ නම් තිබුණා මේ ආණ්ඩුව පිහිටුවන්න. ඒක තමයි ඇත්ත කතාව. නමුත් එයාට ඒක අවශ්‍ය වුණේ නැහැ. මොකද ණයක් ගෙවන්න තියෙනවා. අරහෙන් ගත්ත ණයක් තියෙනවානේ. මොකද ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයත් එක්කනේ ඉල්ලූවේ. අපේ නායකයෝ එක්සත් ජාතික පක්ෂයට ගිහින් ඉල්ලනකොට ඒක හොදයි. අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදගෙන ආණ්ඩුව විවේචනය කරන්න තහනම්. මේක අසාධාරණයි. රජයකට විපක්ෂයක් තියෙන්න ඕනෑ. අපි කිව්වා අපි අනූ හය අරගෙන විපක්ෂයේ ඉදිමු කියලා. අපි පරාජයත් පිළිගන්න ඕනෑ. පරාජයේ ජීවත් වෙන්න ඕනෑ. අපි විපක්ෂයේ හිටියා දාහත් අවුරුද්දක්. අපි දාහත් අවුරුද්දක් දුක්වින්දා. අපි පක්ෂ මාරු කළැයි. අපි ආණ්ඩුවට ගිහිල්ලා හේත්තු වුණැයි. නෑ. දැන් සමහරු කියනවා මම එක්සත් ජාතික පක්ෂයත් එක්කත් ගිවිසුම් ගැහැව්වලූ. කොහේද ? යුද්දෙ අවසන් වෙනකම් හදිසි නීතියට විරුද්ධ වෙන්න එපා කියලා එක් අවස්ථාවකදී අපි විපක්ෂයක් එක්ක ගිවිසුම් ගැහැව්වා. ඒක ඇත්ත. මේවා විකෘති කරනවා. මේක විකෘති කරගෙන යන කණ්ඩායමක් ඉන්නවා. පැරදිච්ච කණ්ඩායමක් පාර්ලිමේන්තුවට අරගෙන ඇවිල්ලා ඇමැතිකම් දීලා තියාගෙන ඉන්නවා තමන්ට ඕනෑ දේ කියවන්න. මඩ ගස්වන්න. අපි බලාගෙන ඉන්නවා.
එක්සත් ජාතික පක්ෂයේ වේදිකාව, ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාව, අපි ගාල්ලේ රැළියේ දැක්කා ඒ වේදිකාව මේ තුනේම මාතෘකාව එකයි. ප්‍රහාරය එක්කෙනාටයි. කාටද ? රාජපක්ෂට. ඇයි මේ ? අද මේ පක්ෂය කඩන්න හදන පිරිසක් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතුගාලා දාන්න ඕනෑ කියන කණ්ඩායමක් ආණ්ඩු පක්ෂයේ ඉදගෙන අපේ බලගතු මිනිස්සුන්ව කපලා දාන වැඩපිළිවෙලක් දියත් කරනවා ඇගට පතට නොදැනී. ඒකයි මේ වෙන්නේ. සංවිධායකයෝ අස්කරනකොට අපි එකතුවෙනවා. අස්කරන්න අස්කරන්න මිනිස්සු එක්කහු වෙනවා. මිනිස්සු වැඩිවෙනවා. කණ්ඩායම වැඩිවෙනවා. එතකොට මොකද වෙන්නේ ? ඒක තමයි එයාලට ඕනේ. එහෙනම් අපේ පක්ෂය කඩන්න ඕනෑ වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ තුරුල්ලේ ඉන්න අයටයි කියන එක අපි බය නැතුව කියනවා. මෙතැනයි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය. මෙතැනයි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ. බෝඞ් ලෑල්ලක නෙවෙයි ඒක තියෙන්නේ.
අද හැම එකකටම රාජපක්ෂ රෙජිමේන්තුව තමයි පෙන්නන්නේ. ණය ගෙවන්න බැරි ඒ නිසාලූ. මම කිව්වා මෙන්න මම ගත්තු ණය. මෙන්න ණය අරන් කරපු වැඩ ටික. අපි ණය අරන් කරපු වැඩ ජනතාවට පේනවා. ඉස්පිරිතාලෙකට යන්න, ඉස්කෝලෙකට යන්න, මහින්දෝදය විද්‍යාගාරය දිහා බලන්න, පාරවල් දිහා බලන්න, මාතෘ නිවාසෙකට යන්න, සායන හදපු තැන්වලට යන්න, මේ හැම තැනම තියෙන්නේ අපි කරපු වැඩ. මේ රටේ යුද්දෙකුත් කරලා , රටේ සංවර්ධයකුත් කරලා තමයි අපි ජනතාව ඉදිරියට ආවේ. අද මේ සියල්ල ඔවුන් කරන්නේ වෛරයකින් , ක්‍රෝධයකින්. වෛරයෙන් , ක්‍රෝධයෙන් කරන කිසි දෙයක් හරියන්නේ නැහැ. මම බලාගෙන ඉන්නවා හිනාවෙවි. මට පුරුදුයි මේක. මම සමහර දවස්වල රූපවාහිනිය බලාගෙන ඉන්නේ හිනාවෙවි. මොකද මට බනින හැටි, අපහාස කරන හැටි. මේ මිනිස්සුම නේද යකෝ මට මහරජාණෝ කිව්වේ කියලා. මේවා දැක්කම හිනාවෙන්නේ නැතුව මොනවා කරන්නද හාමුදුරුවනේ ? ඕන එකක් කියන්න ඉඩදීලා අපි හිනාවෙවි ඉන්නවා. ඒක පුරුදු වෙන්න ඕනැ සාලින්දත්. අමාරු වැඩක් තමයි.
දැන් බලන්න මේ ආණ්ඩුව මොන්ඞ් ඉෂූ එකක් කියලා දාලා කෝටි ගණන් ගැහැව්වා. ජනතාව කිව්වා මේක වැරදියි කියලා. අපි හයිඞ් පාර්ක් එකේ රැස්වීම තියලා කිරුළපන රැුස්වීම තියනකොට බිලියනයක් ණය අරගෙන ආණ්ඩුවෙන්. ඒකත් අපේ වරද. මේ ණය ගන්නේ ණය ගෙවන්නලූ. වරාය පාඩුයිලූ. වරායෙන් බිලියන පහළොවක් පාඩුයි දැන්. බිලියන අටක් ලාභ ලැබුවා එදා. හම්බන්තොටත් ලාභ ලැබුවා. කවුද නෑ කියන්නේ පොත් අරගෙන කියවන්න කියන්න. නැව් හැමදාම ආවා. පෝලිමේ තිබුණා. ගුවන් තොටුපොල නිකම් තිබුණත් අපිට සල්ලි හම්බවුණා. අහසින් යන හැම අහස් යානයකින්ම ගෙවන්න ඕනෑ මත්තලට.
අද රටේ නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා. සම්බන්ධන් මහත්තයාට විපක්ෂ නායකවරයා විදිහට කදවුරකට යන්න පුලූවන්. නමුත් යන ක්‍රමයක් තියෙනවා. කදවුරකට කඩා පනින්න බැහැ. ඉතිං එයාට දඩුවමක් නැහැ. අපි පැන්නොත් එහෙම කොහොමද ? එහෙනම් වෙඩිත් තියයි. දැන් වී මිල අඩුයි. හාල් මිල වැඩියි. මේක මරු චක්කරේ. හැබැයි වී මෝල් ගෙනියන්නේ මගේ මල්ලිලා නම් නෙවෙයි. නැත්නම් ඒකත් මගේ කියයි. අපේ පක්ෂයේ හිටපු දක්ෂම කථිකයා තමයි අපිට නැතිවුණේ. ආප්ප කාලා එහා පැත්තට ගියත් ඇත්ත කියන්න එපැයි. ගිහිල්ලා කතා කරනවා. නමුත් අපට කතාව විතරක් මදි. වැඩත් ඕනෑ ජනතාවට. දැන් අපිට කියනවා වැට් බද්දෙන් ජනතාවට පීඩාවට පත්වෙද්දී මම මගේ විධායක බලය පාව්චිචි කරනවා කියලා. දැන් අපි බලාගෙන ඉන්නවා. වැට් බද්ද දැන්මම වදින්නේ නෑ. ලයිට් බිල එද්දී,වතුර බිල එද්දී,කෑම බිල වැඩි වෙද්දී අපිට බලාගන්න පුලූවන් මොන බිලද වැඩිවෙලා තියෙන්නේ මොන බිලද අඩුවෙලා තියෙන්නේ කියලා. දැන් සමහරු කියනවා නෑ මේක ටික දවසයි. මේක හරි වැඩක්නේ ටික දවසකට කාපල්ලකෝ එයාලට කන්න. හැමදාම රාජපක්ෂ රෙජිමේන්තුව කියලා මේ රටේ ජනතාව රවට්ටන්න බැහැ.
මට ඇහුණා එක මන්ත්‍රීවරයෙක් කෑ ගහනවා වාහන ඔක්කොම අරගෙන ගිහින් කියලා. ආරක්ෂක අංශයට තුනයි. මට තුනයි. ඔය හය තමයි තියෙන්නේ. අරන් ගියේ නැහැ. විපක්ෂනායකතුමාගේ වාහන මට ගෙනියන්න බෑනේ. අගමැතිවරයාගේ වාහන මට ගෙනියන්න බැහැනේ. ජනාධිපතිවරයා වශයෙන් අරගෙන ගියා. ඇත්ත. ඒකට මට අවසර දුන්නා. එයාලා තීන්දු කරලා ඒක මට ලබාදීලා තියෙනවා. නෑ කියන්නේ නැහැ. මගේ ආරක්ෂාව ලබාදුන්නේ ජේ. ආර්. ජයවර්ධන. ඒ දවස්වල රතු සහෝදරයෝ මරාගෙන මරාගෙන යනකොට මිනිස්සු. ඒ කාලේ අපේ ගෙදරට බෝම්බ ගැහැව්වා. එදා හිටපු ඒ එස් පී මහත්තයා තමයි ඇවිත් බෝම්බ ගැහැව්වේ. වෙඩි තිබ්බේ. ඒක දැකපු ජේ ආර් තමයි එහෙම කරන්න දෙන්නේ නෑ, එයාලව දාගන්න එපා. ඔන්න දාගන්න කියලා හමුදාව දුන්නේ. පේ‍්‍රමදාස මහත්තයා ඒක අයින් කළේ නැහැ. මම හමුදා ආරක්ෂාව තියාගෙන පේ‍්‍රමදාස මහත්තයාට විරුද්ධව පාද යාත්‍රා, ජන ඝෝෂා, මිනිස් දම්වැල් ඔක්කොම ඇද්දා. ආණ්ඩුවට විරුද්ධව තමයි ඔක්කොම කළේ. එතකොට පේ‍්‍රමදාස කිව්වේ නෑ මගෙන් ආරක්ෂාව ඉල්ලගෙන තමයි ඔය ඔක්කොම කරන්නේ කියලා. පාද යාත්‍රාවේ දෙපැත්තෙන් යනවා යෝධයෝ වගේ හමුදාවේ කට්ටිය. රනිල් බලයේ හිටියා, චන්ද්‍රිකා හිටියා. මේ කට්ටිය අපෙන් ගත්තේ නැහැ මේවා. දැන් ඉතිං ගන්නවා. අපිට කරන්න දෙයක් නැහැ. බලයනේ. තමුන්ගේ හතුරා තමන් ඇවිත් මරලා දාන එක වෙන දෙයක්. හැබැයි දෙයියනේ කොටින්ට කියලා මරවන්න සූදානම් වෙනවා නම් මම හිතන්නේ නෑ ඒක එතරම් හොද දෙයක් කියලා. ඒක නිසා මේ තත්වය පිළිබදව අපි කණගාටු වෙනවා. අපිට මෙතරම් කෙණහිලිකම් කරලත් අපි විපක්ෂයේ වාඩිවෙලා ආණ්ඩුවට විරුද්ධවයි කතාකරන්නේ.
අද මාධ්‍ය බයයි. මාධ්‍ය මටම කියනවා සමහර ඒවා දාන්න බෑ කියලා. හැබැයි කට වැරදෙන ඒවා නම් ඔක්කොම දානවා. ඇයි ? එයාලා බයයි. පාර්ලිමේන්තුවේ නම කියලනේ බනින්නේ. උඹ බලාගනින් අහවලා කියලා කියනවා. අපිට ඉතිහාසයේ මතකයිනේ රිචඞ් සොයිසලාට වෙච්ච දේ. ඒක නිසා ඔවුන් කටවහගෙන ඉන්නවා. ලියන්න කලින් දෙපාරක් හිතනවා. ඊට වඩා ලේසියි ආණ්ඩුවට පන්දම් අල්ලලා ලියන එක. ආණ්ඩුව ගොනාට අන්දගෙන ගිහිල්ලා ආණ්ඩුව වැටෙනකම් බලාගෙන ඉන්නවාද දන්නෙත් නැහැ.’’යැයි පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාලින්ද දිසානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක් වූහ.
හිරියාල ආසන සංවිධායක තනතුරින් ඉවත් කෙරුණු සාලින්ද දිසානායක මහතා සමග ඉදිරියේදීත් දේශපාලන කටයුතුවල නියැලෙන බවටත්, නව ආසන සංවිධායකවරයා ලෙස පත්කළ වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතාගේ පත්වීම පිළිනොගන්නා බවටත් ඉබ්බාගමුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සුමිත් උඩුකුඹුර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට සභාවේ සිටි පිරිස විසින් අත් ඔසවා එකගත්වය පළකිරීමද මෙහිදී සිදු විය.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ දොඩම්ගස්ලන්ද ආසන සංවිධායක වසන්ත මීපිටිය මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකිරීමට එක්වීමද මෙහිදී සිදු විය.