Sunday, January 19, 2025

බූරුවා ගහද්දී පොලිසියට මාට්ටු වූ හිටපු ප‍්‍රා. මන්ත්‍රී ඩොමිනික් ඇතුලු අටකට උසාවියෙන් දඩ !

Must read



cards_1මිල්ලව, පියුස්වත්ත ප‍්‍රදේශයේ නිවසක් ආසන්නයේ පවත්වාගෙන ගිය සූදු පොළක් ඊයේ ( 06 දා ) රාත‍්‍රියේ වැටලූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරීන් විසින් එහිදී මුදල් ඔට්ටුවට සූදු කෙළීමේ යෙදී බව කියන කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු ඇතුලු අට දෙනෙකු අත්අඩංගුවට ගත්හ.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී (එ.ජ.නි.ස. ) ඩොමිනික් රණසිංහ මහතා ඇතුලු පිරිසකි. සැකකරුවන් අතර රජයේ සේවකයින් දෙදෙනෙකු , ව්‍යාපාරිකයින් සහ ත‍්‍රිරෝද රථ රියදුරන් කිහිපදෙනෙකුද වන බව පොලිසිය කියයි.

මෙම සූදු පොළ දිගු කලක් තිස්සේ සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගොස් ඇති බවත්, සූදු පොළ වැටලීමට පොලිසිය එන්නේදැයි බැලීම සදහා සූදු පොළට පිවිසීමට ඇති මාර්ග දෙකටම කුලී ඔත්තුකරුවන් යොදා තිබීම හේතුවෙන් සූදුපොළ වැටලීමට ගත් උත්සාහයන් කිහිපයක්ම අසාර්ථක වූ බවත් පොලිසිය කියයි. කෙසේවෙතත් ඊයේ දිනයේ සූදුපොළ ආරම්භවීමට සහ කුලී ඔත්තුකරුවන් ස්ථානගතවීමට පැය ගණනාවකට පෙර එම ස්ථානය වටා සැගවී සිටි විෂ මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සූදුපොළ ආරම්භවීමෙන් පසුව වැටලීම සිදුකර සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දහවල් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මුදල් ඔට්ටුවට සූදු කෙළියේ යෙදුණු බවට වරද පිළිගැනීම හේතුවෙන් එක් අයෙකුට රුපියල් සියය බැගින් සැකකරුවන් අටදෙනාට රුපියල් අටසියයක දඩ මුදලක් ගෙවන ලෙසට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මහත්මිය විසින් නියම කළාය.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත විෂ මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමරසිංහ මහතාගේ මෙහයවීමෙන් එම ඒකකයේ නිලධාරීහු විසින් වැටලීම සිදුකළහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article