රුපියල් ලක්ෂ විසි පහකට වැඩි මුදලක් වැය කරමින් නවීකරණය කරන ලද ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ අටක් යළි ධාවනයට එක්කිරීම අද (03 දා) දහවල් කුරුණෑගල උතුරු ඩිපෝවේදී සිදුකෙරිණි.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී එලෙස නවීකරණය කෙරුණු ලංගම බස් රථයක් ධාවනය කර බැලීමටද නියෝජ්‍ය අමාත්‍යවරයා අමතක නොකළේය.
එම අවස්ථාව වයඹ ටුඩේ කැමරාවෙහි මෙලෙස සටහන් විය.