Sunday, November 24, 2024

පොලිසියට පාට් දැම්ම කුලියාපිටියේ කොරනෙල්ට උසාවියෙන් ශරීර ඇප !

Must read

kuliyapitiya_corenal_2කුලියාපිටිය අධිකරණ සංකීර්ණය තුළදී පොලිස් නිලධාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැණ වැදිමින් ඔහුගේ රාජකාරියට බාධා කළ බවට අත්අඩංගුවට ගෙන සිටි හදිසි මරණ පරික්‍ෂකවරයෙකු රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් පර්සි වඩුගෙදර මහතා නියම කළේය.

මෙලෙස ඇපමත මුදාහැරුණේ කුලියාපිටිය සීමාසහිත කිරි නිපදවන්නන්ගේ සමූපකාර සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින කුලියාපිටිය ප්‍රදේශයේ රෙක්ෂාන් රත්නායක නැමැති හදිසි මරණ පරීක්‍ෂකවරයෙකි.

කඩුවක් ගෙන කලකෝලාහල කරමින් සිටි සැකකරුගේ ඥාති පුත්‍රයෙකු පසුගිය දිනෙක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා ගෙන යමින් සිටි කුලියාපිටිය පොලිසියේ සැරයන්වරයෙකු දුරකථනය ඔස්සේ ඇමැතූ සැකකරු විසින් එක් වතාවකදීත්, අධිකරණ භූමියේදී මුහුණට මුහුණ හමු වී තවත් වතාවකදීත් අසභ්‍ය වචනයෙන් බැණ වැදී තර්ජනය කළ බවට සැකකාර මරණ පරීක්‍ෂකවරයාට එරෙහිව කුලියාපිටිය පොලිසිය විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබිණි.

නඩුව ඔක්තෝබර් 02 වැනිදා යළි කැදවීමට නියමිතය.

ගිරිඋල්ල ඔවින් කෞශල්‍ය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article