Friday, November 22, 2024

පොලිසිය ඇතුළේ මිනී මරන්න හැදූ හිටපු රාළහාමි මාට්ටු.

Must read

police_officerපැමිණිල්ලක් කිරීම සදහා පන්නල පොලිස් ස්ථානය වෙත පැමිණ සිටි පුද්ගලයෙකුට එම පොලිස් ස්ථානය තුළදීම අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර ප‍්‍රදේශයෙන් පලා ගොස් සැගවී සිටි සේවයෙන් පහකරන ලද පොලිස් නිලධාරියෙකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පෞද්ගලික ආරවුලක් පිළිබද පැමිණිල්ලක් කිරීම සදහා පසුගිය 15 වැනිදා පන්නල පොලිස් ස්ථානයට පැමිණ සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම සැකකරු විසින් අදාළ අත් බෝම්බය ප‍්‍රහාරය එල්ලකර තිබිණි. ඊට පෙර අදාළ පුද්ගලයා පන්නල පොලිසිය වෙත පැමිණෙන මග රැක සිට පන්නල, කෝන්ගොඩ මාර්ගයේදී වෙඩි තැබීමටද සැකකරු විසින් උත්සාහ දරා ඇති බවද බව මූලික පොලිස් විමර්ශන වලින් හෙලි වී තිබේ.

නාරම්මල, හොරොම්බාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු පොලිස් සේවයේ යෙදී සිටියදී එල්ල වූ මිනීමැරුම් චෝදනාවක් හේතුවෙන් සේවයන් පහකළ අයෙකු බවද පොලිසිය කියයි. ගිරිබාව පොලිස් වසමෙහි සැගවී සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු සන්තකයේ තිබූ තවත් අත්බෝම්බයක් , මිලිමීටර් 9.9 වර්ගයේ ස්වයංක‍්‍රීය පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 14ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු භාරයේ තිබියදී අත්අඩංගුවට ගත් අත් බෝම්බය ඔහුව අත්අඩංගුවට පත්වුවහොත් සියදිවි හානි කරගැනීම සදහා සූදානමින් තබාගෙන සිටි බවත්, සැකකරු බන්ධනාගාරගතව සිටි සමයේදී ඔහුගේ බිරිද බෝම්බ ප‍්‍රහාරයට ඉලක්ක වූ පුද්ගලයා සමග ඇති කරගත්බව කියන අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කළ බවත් පොලිස් ප‍්‍රශ්නකිරීම්වලදී සැකකරු විසින් පාපොච්චාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහු සන්තකයේ තිබූ ආයුධ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කුලියාපිටිය කොට්ඨාශය භාර පොලිස් අධිකාරී කපිල කඩුපිටිය සහ සහකාර පොලිස් අධිකාරී ධර්මසේන රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කුලියාපිටිය කොට්ඨාශ අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වික‍්‍රමනායක, පොලිස් සැරයන් පියරත්න (20620) (22503), සිසිර, සෙනවිරත්න (33604), පොලිස් කොස්තාපල් ෆ‍්‍රැන්සිස් (7015) , කරුණාරත්න (31644), මාරසිංහ (42400), කීර්ති (49090), මහින්ද (53310) , ප‍්‍රියදර්ශන (53311), රෝහණ (57893) සහ පොලිස් කොස්තාපල් රියදුරු අනුර (2007) යන නිලධාරීහු විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article