පොලිස් නිලධාරියෙකු වන අජිත් රංජන් මහතා විසින් සිය ජීවන අත්දැකිම් ආශ්‍රීතව රචනා කර ඇති දස වන නවකතාව ‘ඉතිං අවසරයි‘ ග්‍රන්ථය පසුගියදා හලාවත දිස්ත්‍රික් සමුපකාර සංගම් ශාලාවේ දි ජනගත කරණු ලැබීය. මේ වන විට හලාවත පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් වරයෙකුව සේවය කරණ අජිත් රංජන් මහතා සිය දස වන නවකතා පොතේ මුල් පිටපත හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලිලවංශ මහතා වෙත පිරි නමන ලදි. මෙම අවස්ථාවට සාහිත්යලෝලින් රැසක් පැමිණ සිටි අතර ගීත ගායනයෙන් සාහිත්‍ය රසකාමින් පිනවීමටද පියවර ගෙන තිබුණි. අළුත් නවකතාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පිළි ගැන්වු මොහොත ජායාරූපයේ දැක්වේ.
හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.