ඊයේ (25 වනදා ) ඉහළ පුලියන්කුලම – මහගම ප්රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. තමන් විසින් රැක බලා ගන්නා ගවයින් බැලීම සදහා මිය ගොස් ඇති අය ඉහළ පුලියන්කුලම – මීගස්වැව වැව් ඉස්මත්තට ගොස් ඇත.එම අවස්ථාවේදී හෙතෙම වන අලි ප්රහාරයට ලක්ව ඇති බව බව සාලියවැව පොලීසිය කියයි. ප්රහාරයට ලක්වූ පුද්ගලයාව ගිලන් රථයකින් සාලියවැව – අළුත්ගම ප්රාදේශීය රෝහලට ගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇත. මිය ගොස් ඇත්තේ ඉහළ පුලියන්කුලම – මහගම පදිංචිව සිටි පතිරාජ මුදියන්සේලාගේ උක්කු බණ්ඩාගේ පුංචිරාළ (අවු:58) නම් අයෙකි.