Sunday, January 19, 2025

පුද්ගලික බස් වැඩවරනවා නම් ලංගම බස් ඇණිය වැඩිකරනවා !

Must read

ashok_ctb_01ජනතාව පීඩාවට පත්වන අයුරින් පුද්ගලික බස් හිමියන් වැඩවර්ජනවල යෙදෙන්නේ නම් අලුතින් බස්රථ ආනයනය කර ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් ඇණිය වැඩිකිරීමට කටයුතු කරන බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (16 දා ) කුරුණෑගලදී පැවැති සමස්ත ලංකා අන්තර් දිස්ත‍්‍රික් පාසල් සිසුන් ප‍්‍රවාහන සේවා සංගමයේ සාමාජික හමුවක් අමතමිනි.

දැනට ලංකා ගමනාගමන මණ්ඩලය සතු 5500 ක් වන බස් ඇණිය වැඩිකිරීමට රජය විසින් තීන්දුවක් ගෙන නොතිබූ බවත්, ධාවනයට නුසුදුසු තත්වයේ පවතින බස් රථ ධාවනයෙන් ඉවත් කර ඒ වෙනුවට දොර දෙකේ බස්රථ 1000ක් , තනි දොර බස් රථ 250 ක් සහ එන්ජින් හා ගියර් බොක්ස් කට්ටල 500ක් මිලදී ගැනීමට පමණක් සැලසුම් කර තිබූ බවද පැවසීය. නමුත් රජය බියගැන්වීමේ අරමුණින් පුද්ගලික බස් හිමියන් විසින් වැඩවර්ජනවල යෙදන්නේ නම් ලංගම බස් ඇණිය වැඩිකර ඊට මුහුණදෙන බව වගකීමෙන් යුතුව ප‍්‍රකාශකරන බවද හෙතෙම පැවසීය. පුද්ගලික බස් ව්‍යාපාරය කඩාවැට්ටවීමේ අරමුණක් රජයට නැතත්, රජය සහ මගී ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් පුද්ගලික බස් හිමියන් තවදුරටත් කටයුතු කරන්නේ නම් ලංගම බස් ඇණිය වැඩිකිරීමේ තීන්දුවක් ගැනීමට රජයට නුදුරේදීම සිදුවන ඇති බවට නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී පුද්ගලික බස්රථ හිමියන් අනතුරු ඇගවීමක්ද කළේය.

දැනට පවතින තත්වයන් යටතේ ලංගම බස් රථයක් කිලෝමීටරයක් ධාවනය කරවීම සදහා රුපියල් 89 ක පිරිවැයක් දැරිය යුතු වුවත් ඉන් උපයන්නේ රුපියල් 59 ක් පමණක් වන බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. රාත‍්‍රි සේවාවන්හි යෙදෙන නිසිසැරිය, ග‍්‍රාමීය ධාවනයේ යෙදෙන ගැමිසැරිය වැනි බස්රථවලින් ලැබෙන්නේ ඊටත් වඩා අඩු ආදායමක් බවත්, එවැනි බස්රථවලින් උපයනු ලබන්නේ කිලෝමීටරයකට රුපියල් 25 ක වැනි මුදලක් බවද හෙතෙම පැවසීය. ලංකා ගමනාගමන මණ්ඩලය එවැනි අසීරුතා මධ්‍යයේ කටයුතු කිරීම හේතුවෙන් සේවක වැටුප් ගෙවීම සදහා රුපියල් බිලියන 1.35 ක් රජයෙන් ගමනාගමන මණ්ඩලය වෙත මාසිකව ලබාදිය යුතු බවත්, ඒ අනුව වසරකට රුපියල් කෝටි 1500 ක පමණ මුදලක් රජය විසින් ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදිය යුතුව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙරට ප‍්‍රවාහන සේවාව දියුණු කිරීමේ අරමුණින් සංවර්ධන වැඩසටහන් ගණනාවක් සැලසුම් කර ඇතැයි කී අශෝක් අබේසිංහ මහතා ලබන වසරේදී දුම්රිය එන්ජින් 12 ක්, බලවේග කට්ටල 06 ක් සහ දුම්රිය මැදිරි 160 ක් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත අලුතින් මිලදී ගැනීමට නියමිත බව පැවසීය. රුපියල් බිලියන 600 ක් වැයකෙරෙමින් පානදුර සිට වේයන්ගොඩ දක්වා ඉදිකෙරෙන විදුලි දුම්රිය මාර්ගයේ මූලික අදියරද ලබන වසරේදී ආරම්භ කෙරෙන බවත්, ඉන්දියානු රජයේ සහයෝගය ඇතිව පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා වූ ද්විත්ව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කෙරෙන බවත් පැවසීය. පාසැල් ළමුන් ප‍්‍රවාහන සේවාව සදහා නියාමන වැඩපිළිවෙක් සකස්කෙරෙමින් ඇති බව කී නියෝජ්‍ය ඇමැතිවරයා එම වැඩපිළිවෙළ කුරුණෑගල දිස්ත‍්‍රික්කය මුල්කරගනිමින් ආරම්භ කෙරෙන බවද පැවසීය. පාසල් වෑන් රථ සේවාව සදහා මෙවර අයවැයෙන් සහන රැසක් ලබාදී ඇති බවත්, පාසල් සේවාවන් සදහා අලුතින් වාහනයක් ලබාගැනීමේදී ඒ සදහා අයකෙරෙන පොළියෙන් සියයට පනහක් රජයෙන් ගෙවීමට නියමිත බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ජාතික මාර්ග ආරක්ෂණ අධිකාරියේ සභාපති සිසිර කෝදාගොඩ, මෝටර්රථ ප‍්‍රවාහන සහකාර කොමසාරිස් ටී. එම්. ජී. තෙන්නකෝන් යන මහත්වරුන් සහ සමස්ත ලංකා අන්තර් දිස්ත‍්‍රික් පාසල් සිසුන් ප‍්‍රවාහන සේවා සංගමයේ සාමාජිකයින් පිරිසක්ද සහභාගි වී සිටියහ.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අදහස් දක්වමින් ashok_ctb_04උත්සවයට සහභාගි වී සිටි පිරිසෙන් කොටසක් ashok_ctb_02ashok_ctb_03


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article