Sunday, November 24, 2024

පුත්තලමේ දේශපාලකයින් 09 කගේ එජාප සාමාජිකත්වය තහනම් කිරීමට පියවර

Must read

unp
(4.48pm) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගත පුත්තලම දිස්ත්‍රික්කයේ නව දෙනෙකුගේ එක්සසත් ජාතික පක්ෂ සාමාජිකත්වය තහනම් කිරිමට පියවර යොදා ඇති බව පුත්තලම දිසාවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසිය.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය දරමින් සිටිය දි වෙනත් පක්ෂ සාමාජිකත්වය ලබා ගත් අය පක්ෂයෙන් ඉවත් කිරිමට පක්ෂ කෘත්‍යාධිකාරි මන්ඩලය ගත තීරණය සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි ඒ මහතා මෙසේ කීය.
මේ අනුව එජාප පුත්තලම දිස්ත්‍රික් නායක වශයෙන් කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා හි‍ටපු මන්ත්‍රිවරුන් වන හෙක්ටර් අප්පුහාමි ශාන්ත සිසිර කුමාර අබේසේකර හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රිවරුන් වන චිත්‍රාල් ප්‍රනාන්දු කිංස්ලිලාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ද
හලාවත ප්‍රාදේශීය සභා මන්ත්‍රි කෝකිලනාත් ජිනේන්ද්‍ර සිං ආණමඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි චන්දි ප්‍රබෝධා ආනමඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි අනුෂ්ක ප්‍රිශාන්ත සහ කල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි එම්. අක්මාල් යන මහත්වරුන්ලේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇති බවත් කිය.
නිරෝෂන් පෙරේරා හෙක්ටර් අප්පුහාමි ශාන්ත සිසිර කුමාර අබේසේකර චිත්‍රාල් ප්‍රනාන්දු කිංස්ලිලාල් ප්‍රනාන්දු සහ කෝකිලනාත් ජිනේන්ද්‍රසිං යන මහත්වරුන් මෙවර මහා මැතිවරණය සදහා සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයන් වශයෙන් තරග වැදි සිටිති.
මෙම ඉවත් කිරිම පළමු වටය වන අතර මේ වන විට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් වශයෙන් සිටිමින් සමගි බලවේගයේ ජයග්‍රහණයට ක්‍රියා කරණ සාමාජිකයින් සදහා ද ඉදිරියේ දි මේ අයුරින්ම නිසි පයවර ගන්නා බවයත් රංගේ බණ්ඩාර මහතා පැවැසිය.


ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article