තහනම් පන්න ක්‍රම යොදාගෙන මසුන් මැරීමට රජය විසින් ලබාදී ඇති බව කියන බලපත්‍ර අවලංගු කරන ලෙසට ඉල්ලමින් පුත්තලම් දිසාවේ ධීවරයින් අද ( 1 දා ) දිනයේදී මුහුදුයාමෙන් වැළකී විරෝධතාවක යෙදුණහ.
මෙම විරෝධතාවයට පුත්තලම් වෙරළ තීරය ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින් විසි දහසකට අධික පිරිසක් එක් වී සිටි අතර ඔවුන් මුහුදු නොයා අද සිය නිවෙස්වල රැදී සිටියහ. මේ හේතුවෙන් පුත්තලම වෙරළ තීරයේ මත්ස්‍ය වෙළදාම අද දිනයේදී සිදු නොවු අතර සියලූ මත්ස්‍ය වෙළදසැල් පාඵවට ගොස් තිබෙනු දැක ගත හැකි විය. මෙවන් තත්ත්වයක් පිළිබදව නොදැන මාඵ මිලදීගැනීම සදහා ඈත ගම්මානවල සිට පැමිණි සිටි පිරිස් හිස් අතින්ම ආපසු හැරී ගියහ.
මේ අතර හලාවත මල්වත්ත ප්‍රදේශයට ලොරිවලින් මාඵ ගෙන ගිය ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු එහි සිට මාඵ අලෙවිකිරීමට සුදානම් වූ නමුත් ධීවරයින් පිරිසක් එම ස්ථානයට ගොස් ඊට විරෝධය පළකරන්නටවීම නිසා තරමක උණුසුම් තත්වයක්ද ඇති විය. පසුව හලාවත පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ ගැටුමක් ඇති නොවීම පිණිස ව්‍යාපාරිකයින් පිරිස එම ස්ථානයෙන් පිටත් කර හරිනු ලැබීය.
තමන් කලින් දිනයේදී මාඵ ව්‍යාපාරිකයින් සමග පවත්වන ලද සාකච්ඡාවකදී අද දවසේ මාඵ අලෙවිය නතර කර තම විරෝධතාවට සහය දෙන බවට පොරොන්දු වූ නමුත් ඔවුන් මුදල් මත පදනම්ව එම පොරොන්දුව කඩකරමින් කටයුතු කිරීම කණගාටුදායක බව ධීවරයෝ කීහ.
පාලුවට ගොස් තිබූ හලාවත මාඵ වෙළදපොළ සහ ගොඩට ඇද තිබූ ධීවර යාත්‍රාවන් පහත ජායාරූපවල දැක්වෙයි.
හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු