මැතිවරණ සටන පුත්තලම් දිස්ත්රික්කය තුලද දැන් උණුසුම් වෙමින් තිබේ.මේ අතර ප්රධාන පක්ෂවලින් ඉදිරිපත්ව සිටින දැනටමත් පාර්ලිමේන්තුවේ සිටි දේශපාලකයන්ට වඩා අලුත් මුහුණු පිළිබදව කිසියම් උනන්දුවක් විශේෂයෙන්ම තරුණය පරම්පරාව තුල මෙන්ම උගත් බුද්ධිමත් ප්රගතිශිලා ඡන්දදායකයා අතරේද පැතිර යමින් පවති.
මේ වන විට වැඩියෙන්ම අලුත් මුහුණු ඉදිරිපත්ව ඇති ප්රධාන දේශපාලන පක්ෂය ලෙස හදුන්වාදි දිය හැක්කේ ජවිපෙ සහ එජාපයයි.
මේනිසාම ඒහි අපෙක්ෂකයන් ගැනද සමාජ කථාබහක් දැනුවත් කොටස් අතරේ දැන් නිර්මාණය වෙමින් තිබේ.
මේ නිසාම ඇතැම් සාම්ප්රදායික දේශපාලකයන් පිලිබදව ඇති සමාජ දේශපාලන උනන්දුව ඉදිරියේදි අලුත් අපෙක්ෂකයන් වෙතට ක්රමයෙන් මාරුවිමේ වැඩි ඉඩක්ද නිර්මාණය වෙමින් තිබේ.
සජිත් පිළෙන් පුත්තලම් දිස්ත්රික්කයට තරග වදින නිතිඥ චිත්රාල් ප්රනාන්දු මේ නිසාම දැනටමත් සාම්ප්රදායික පැරණි දේශපාලකයන් වන හෙක්ටර් අප්පුහාමි සහ නිරෝෂන් පෙරේරාට වඩා තරුණ ආකර්ශණය දිනාගන්නට සමත් වෙමින් තිබේ.
විශේෂයෙන්ම පැවැති රාජපක්ෂ සමයේ ජනතා සටන් වලදි හෙක්ටර් අප්පුහාමි මෙන්ම නිරෝෂන් පෙරේරාද ඒවා පැහැදිලිව මගහැර ගිය අය ලෙසින් දැනටමත් ප්රගතිශිලි ජනයා විසින් හදුනාගෙන තිබේ.
මේ නිසාම ඉදිරියේදි බුද්ධිමත් ඡන්දදායකයාගේ ආකාර්ශණය දිනාගැනිමට හෙක්ටර්ලා සහ නිරෝෂන් ලා අභිබවා චිත්රාල්ගේ විභය වැඩිවනු ඇත.