Friday, November 22, 2024

පුත්තලම යුධ හමුදා පුහුණු මධ්‍යස්ථානයේ ආධුනික සෙබළුන් විසිර යෑමේ උත්සවය

Must read

සෑම අත්නම අති ශුර සෙබලා... පුත්තලම යුධ හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලා අංක 84 යටතේ පුහුණුව ලැබූ ආධුනික සෙබළුන් 252 කු විසිර යාම පසුගියදා එම පුහුණු පාසලේදී සිදු විය. පුත්තලමේ පිහිටි 58 වන බල සේනාංකයේ බලසේනාධිපති මේජර් ජනරාල් කේ.එච්.පී.පී.ප්‍රනාන්දු මහතා මෙම විසිර යාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වී සිටියේය. විසිර ගිය සෙබළුන් අතරින් දක්ෂතම වෙඩික්කරු ලෙස ආධුක සෙබල එස්.ඒ.සම්පත් සහ සෑම අතින්ම අති ශූර සෙබලා ලෙස ආධුනික සෙබල එස්.එම්.කේ.ජීවන්තද සම්මාන දිනා ගත්තේය. ආධුනික සෙබළුන් විසිර ගිය පෙළපාලියේ අණ දෙන්නා ලෙස මේජර් ඒ.යූ.කේ.හෙට්ටිආරච්චි මහතා කටයුතු කළ අතර,ප්‍රධාන උපදේශක ලෙස ආර්.ආර්.කේ.ලක්සිරි මහතා කටයුතු කළේය.

මෙම අවස්ථාවට යුධ හමුදා නිලධාරීන්,විසිර ගිය ආධුනික සෙබළුන්ගේ ඥාතීන්ද එක්ව සිටියේය.01(10)


ඡායාරූප – ජූඩ් සමන්ත

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article