පුත්තලම මුලික රෝහල තුළ කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කල බව පුත්තලම මුලික රෝහල් අධ්යක්ෂ සුමිත් අත්නායක මහතා අද මාධ්‍යට ප්‍රකාශ කර තිබේ. මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කය තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පුත්තලම මුලික රෝහල තුළ කොරෝනා බවට යම් ලෙසකින් තහවුරු වුවහොත් ඔවුන් මෙම ඒකකට ඇතුලත් කර ප්‍රතිකාර ලබා දිමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව රෝහල් අධ්යක්ෂවරයා සදහන් කළ බව වෙත මාධ්‍යෙව්දී හිරාන් ප්‍රියංකර විසින් වාර්තා කර තිබේ.
එසේම පුත්තලමේ මුලික රෝහලට පැමිණෙන සැක සහිත රෝගින් සෙසු රෝගින්ට වෙත යාමට නොදි බාහිර රෝගි අංශයේ සිටම වෙන් කර ආරක්ෂිත ලෙස අදාළ ඒකකයට යොමු කිරිමටද කටයුතු අරඹා ඇති බවද අධ්යක්ෂවරයා අවධාරණය කර තිබේ.
ඡායාරූප – හිරාන් ප්‍රියංකර