Sunday, January 19, 2025

පුත්තලම දිස්ත්‍රික්කයේ නව ඡන්ද දායකයින් 15,000 ඉක්මවයි

Must read

electiondayඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කය  සදහා නව ඡන්ද දායකයින් 15,328 දෙනෙකු තම කුළුදුල් ඡන්දය භාවිතා කිරීම සදහා සුදුසුකම් ලබා ඇත.

2019 නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඡන්දය දායකයින් 599,042 කු ඡන්දය පාවිච්චි කිරීම සදහා සුදුසුකම් ලබා සිටියේය.මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා සුදුසුකම් ලබා ඇති මුළු ඡන්ද දායකයින් ප්‍රමාණය 6,14,370 ක් බව පුත්තලම සහකාර මැතිවරණ කාර්යාලය සදහන් කරයි.

නව ඡන්ද දායකයින් වැඩි ප්‍රමාණයක් මෙවර ලියාපදිංචිවී ඇත්තේ පුත්තලම මැතිවරණ බල ප්‍රදේශයෙනි.පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලම මැතිවරණ බල ප්‍රදේශය සදහා ඡන්ද දායකයින් 144,450 කු ලියාපදිංචිවී සිටි අතර,මෙවර එම ප්‍රමාණය 151,963 දක්වා ඉහළ ගොස් ඇත.ඒ අනුව නව ඡන්ද දායකයින් 9555 ක් පුත්තලම මැතිවරණ බල ප්‍රදේශය සදහා එක්වී ඇත.ආණමඩුව මැතිවරණ බල ප්‍රදේශය සදහා නවක ඡන්ද 8318 ක් ලියාපදිංචිවී ඇත. ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් 121,672 ක් ලියාපදිංචිවී සිටි අතර,මෙවර එම ප්‍රමාණය 124,371 දක්වා වැඩිවී ඇත. හලාවත මැතිවරණ බල ප්‍රදේශය සදහා ජනාධිපතිවරණයේදී ලියාපදිංචිවී සිටියේ ඡන්ද දායකයින් 125,597 දෙනෙකු පමණි.නමුත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඡන්ද දායකයින් 127,531 දෙනෙකු ලියාපදිංචිවී සිටී.ඒ අනුව නවකයින් 4568 දෙනෙකුට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම ඡන්දය පාවිච්චි කිරීමට හැකියාව ලැබෙනු ඇත.

නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශය තුළ පසුගිය ජනාධිපතිවරණයේදී ලියාපදිංචිවී සිටි මුළු ඡන්ද දායකයින් ප්‍රමාණය 95,936 කි.පාර්ලිමේන්තු මැතිවරණය සදහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ප්‍රමාණය 97,791 කි.ඒ අනුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයෙන්ද නවක ඡන්ද දායකයින් 3736 දෙනෙකු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම ප්‍රථම ඡන්දය භාවිතා කරණු ඇත.වෙන්නප්පුව මැතිවරණ බල ප්‍රදේශය තුළ තම කුළුදුල් ඡන්දය භාවිතා කිරීම සදහා ඡන්ද  දායකයින් 2904 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. ඒ පසුගිය ජනාධිපතිවරණයේදී වෙන්නප්පුව මැතිවරණ බල ප්‍රදේශය සදහා ලියාපදිංචිව සිටි ඡන්ද දායකයින් 111,387 ප්‍රමාණය මෙවර 112,714 දක්වා වැඩිවීම හේතුවෙනි.


ජූඩ් සමන්ත

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article