Saturday, September 21, 2024

පුත්තලම දිස්ත්‍රික්කයේ ස.ජ.බ ත්  අවුලක -චිත්‍රාලට දිගට ම කැපිල්ලක්??

Must read

පුත්තලම දිස්ත්‍රික්කයේ සමගි ජන  බලවේගය තුළ මේ වන විට  අවුල් වියවුල් රැසක් නිර්මාණය වෙමින් පවතී. විශේෂයෙන්ම පුත්‍තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය  ආසනය තුළ සජබ යේ සංවිධායකවරයා බවට කලින්  පත් කර තිබුනේ වෙන්නප්පුවේ  හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු වය. එහෙත් එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මේ වන විට නාත්තන්ඩිය ආසනයේ නව සජබ සංවිධායකවරයා ලෙස පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ හිටපු අමාත්‍යවරයෙකු වූ දයාශ්‍රිත තිසේරා ව පත් කර ඇත.මේ හේතුව නිසා මීට පෙර පැවැති ජනාධිපතිවරණ වලදී සහ  මැතිවරණවලදී පොහොට්ටුවේ විවිධ අඩන්තේට්ටම්වලට ලක් වෙමින් විවිධ හිරිහැර හා කරදර හමුවේ  පොහොට්ටුවට විරුද්ධව , සජබේ දිනවන්නට වැඩ කටයුතු හා මෙහෙයුම් කටයුතු සිදුකළ කළ ග්‍රාමීය මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ සංවිධායකවරු  මේ වන විට සජබයේ  පක්ෂ පරිපාලනය සමග උරන බී තිබේ.   ඔවුන් බොහෝ දෙනෙකු කියා සිටින්නේ පසුගිය මැතිවරණ වලදී තමන් හා තම පක්ෂය සමඟ විරුද්ධවාදීව වැඩ කළ දයාශ්‍රිත තිසේරා වැනි දේශපාලකයන් සමග නාත්තන්ඩිය ආසනයේ සංවිධාන කටයුතු සිදු කිරීමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇති බවයි.

          දයාශ්‍රිත ති⁣සෙරා යනු  පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ එම රජයන් වල අමාත්‍ය ධූර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර දරූ  දේශපාලකයෙකි. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය කාලය පුරා පැවැති ජනාධිපතිවරණ සහ මැතිවරණවලදී ඔහු එක්සත් ජාතික පක්ෂය සහ පසුව නිර්මාණය වූ සමගි ජන බලවේගය පරාජය කරන්නට අනීතික කටයුතු වලද නිරත වු අයෙකු බවයි එමෙන්ම නාත්තන්ඩිය ආසනයේ ස.ජ.බ.යේ බොහෝ ප්‍රාදේශීය සංවිධායකවරු පවසන්නේ පසුගිය මැතිවරණයෙන් දයාශ්‍රිත තිසේරා මනාප වලින් පරාජය වූ අයෙකු බවයි. එනම් ඔවුන් වැඩිදුරටත් පවසන්නේ දයාශ්‍රිත යනු මේ වන විට කල් ඉකුත් වු දේශපාලකයෙකු බවයි.එවන් අ⁣යෙකු සමග තමන් කිසිදා සංවිධාන කටයුතු කරන්නට නොයන බවයි ,ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. මේ හේතුව නිසා සජබය පුත්තලම දිස්ත්‍රික්කයේ වෙනත් ආසනවල මෙන්ම නාත්තන්ඩිය  ආසනය තුළ ද එළඹෙන ජනාධිපතිවරණ  සංවිධාන කටයුතුවලද අරාජික තත්ත්වයට පත්ව ඇත. මේ වන  විට නාත්තන්ඩිය නගරය තුළ  එකදු මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් හෝ ස්ථාපිත කිරීමට සජබයට මෙතෙක් නොහැකි වී තිබේ.
              චිත්‍රාල් ප්‍රනාන්දු ද මේ වන විට ඔහුට සංවිධායක ධුරය අහිමි නිසා ආසනය තුල සංවිධාන කටයුතුවලට ක්‍රියාකාරීව මැදිහත් නොවේ. දයාශ්‍රිත තිසේරා ආසනයේ සංවිධායකවරයා බවට පත් වුවත් සජබ ප්‍රාදේශීය සහ ගම් මට්ටමේ නායකකාරකාදීන් ලවා එම සංවිධාන කටයුතු  කර ගැනීමට මෙතෙක් අසමත් වී තිබේ. ඒ ඔහු සමග සංවිධාන කටයුතු කිරීමට ගම් මට්ටමේ, ප්‍රාදේශීය මට්ටමේ සජබ ක්‍රියාකාරීන් අකමැති නිසාවෙනි. වතා කීපයකදීම ඔවුන් දයාශ්‍රිත තිසේරා ඉදිරියේම මේ බව පවසා ඇතැයි ද වාර්ත වුණි..

            නාතතන්ඩිය ආසනය කලින් සජබ සංවිධායක ධුරය දැරූ හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යනු කැපී පෙනෙන තරුණ දේශපාලන නායකයෙකි.පසුගිය මැතිවරණයේදීද ඔහුගේ නම පුත්තලම් දිස්ත්‍රික්කයේ එජාප ලයිස්තුවට ඇතුළත් කරන්නට මොහොතකට පෙර  එම  පුත්තලම් දිස්ත්‍රික් එජාප ලැයිස්තුවෙන් ඔහුගේ නම කපා දමා පොදුජන පෙරමුණෙන් හදිසියේ එජාපයට කරණම් ගැසූ හලාවත හිලරි ප්‍රසන්නව එම එජාප ලැයිස්තුවට ඇතුළත් කෙරිනි. ඒ චිත්‍රාල්ට හිමිවූ පළමු කැපිල්ලයි.. හිලරි ප්‍රසන්න ඒ මැතිවරණය තුළ පරාජයට පත්විය. ඉන්පසු එජාපය හැර සජබය තුලින්  මැතිවරණයකට තරඟ කිරීමට නාතතන්ඩිය ආසනයේ සංවිධායක ධූරය භාරගත් චිත්‍රාල්ට මෙවරද පුත්තලම් දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ කිරීමට නොහැකි තත්ත්වයක් උදා වූයේ දයාශ්‍රිත තිසේරාව ඉතාම හදිස්සියේ නාත්තන්ඩියේ සජබ සංවිධායක බවට පත් කිරීමෙන් පසුවය. එය චිත්‍රාල්ට හිමිවූ දෙවන කැපිල්ලය. පළමු අවස්ථාවේ හිලරි ප්‍රසන්නවත්, දෙවන අවස්ථාවේ දයාශ්‍රිත තිසේරාවත් චිත්‍රාල් වෙනුවට ආදේශ කරන්නට පක්ෂ නායකයන්ට බලපෑම් කළේ වෙන්නප්පුවේ නමගිය දේශපාලන පවුලන් පැවත එන වැඩ බැරි දේශපාලකයෙකි.


                   පුත්තලම දිස්ත්‍රික්කය තුළ දේශපාලනය පිළිබඳව දැන උගත් බොහෝ දෙනෙකු පවසන්නේ  චිත්‍රාල්ට ලැබෙන මේ කැපිලි කෙටිලි,  ස්වභාවික එන කැපිලි  නොවන බවයි. චිත්‍රාගේ කැපිල්ල පිටුපස සිටින්නේ වෙන්නප්පුව ප්‍රදේශයේ වැඩ බැරි දේශපාලනයෙක් බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.සිය පියාගේ සහ මවගේ අනුහසින් දේශපාලනයට පිවිසි මේ වැඩ බැරි දේශපාලකයා චිත්‍රාල් කෙරෙහි විශාල බියක් ඇති බවද එජාප හා සජබ ක්‍රියාකාරීහු පවසති. ජනතාව සමග නැති, ජනතාවට වැඩක් නොකළ වෙන්නපපුව ප්‍රදේශයේ මේ දේශපාලකයා චිත්‍රාල්ට විශාල බියක් දක්වන බවද ඔවුන් වැඩිදුරටත් පවසති. මේ වැඩ බැරි වෙන්නප්පුවේ දේශපාලකයා පමණක් නොව, වෙන්නප්පුවේ වෙසෙන පුත්තලම ආසනය භාරගෙන කටයුතු කරන, පුත්තලම සජබ නායකයා ලෙස හඳුන්වා ගන්නා දේශපාලකයා ද චිත්‍රාල්ට  අසීමිත බියක් ඇති බව පුත්තලම් දිස්ත්‍රික්කයේ  සජබ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකුගේ අදහසයි.මේ හේතුව නිසාම චිත්‍රාල් වැනි ක්‍රියාකාරී  උගත් බුද්ධිමත් සහ ජනතාව සමඟ සිටින, අසීමිත සංවිධාන ශක්තියක් ඇති නැගී එන තරුණ දේශපාලකුට වැඩ බැරි දේශපාලකයන් බියක් දක්වන්නේ  තමන්ට වඩා ඔහු ජනතාව හමුවේ ඉස්මතු වන නිසාවෙනි.

එමෙන්ම මේ වනවිට චිත්‍රාල්ව අභියෝගයක් වී ඇත්තේ ඉහත සදහන් දේශපාලන පවුලට පමණක් නොවන අතර මේ වනවිට චිත්‍රාල්ට බයවී ඇති තවත් දේශපාලකයන් පුත්තලම් දිස්ත්‍රික්කයේ සිටින බවද අනුමාන කළ හැක්කේ එවැනි ක්‍රියාවන්ට විරෝධය පාන්නටද කිසිවෙකුත් ඉදිරිපත් නොවන පසුබිමකදීය.

     මේ සියලු හේතු සහ කරුණු කාරණා ගැන සැලකිල්ලට ගත් විට අද වන විට පුත්තලම දිස්ත්‍රික්කය තුළ සජඹ ක්‍රියාකාරීහු මහත් අසහනයට පත්ව සිටිති. ආසන සංවිධායකවරුන් බොහොමයක්ද මේ හේතුව නිසා අසහනයට පත්ව ඇත.ඉදිරි කාලයේදීත් මෙලෙස සිදුවුවහොත් එළඹෙන ජනාධිපතිවරණයේදී සහ ඉන්පසු පැවැත්වෙන මහ මැතිවරණයේදී පුත්තලම්  දිස්ත්‍රික්කය තුල සජබයට අන්ත පරාජයක්  ලැබීමට සිදුවනු ඇත.

එස්. ලෙස්ලි දබරේරා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article