පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ  තිල්අඩිය රත්මල්යාය ප්‍රදේශයේ  අද (8) අලුයම   නුග ගසක් කඩා වැටී  ගමනාගමනයට බධා ඇතිවු බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ  ඒකකය පවසයි.

පුත්තලම ප්‍රදේශයට හමා ගිය සුළඟ හා වර්ෂාව අවස්ථාවේ  රාත්‍රී 12 ට පමණ මෙම දැවැන්ත නුග ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති අතර එය ඉවත් කිරීමට පැය කිහිපයක් ගත විය.

මේ නිසා පුත්තලම හරහා අනුරාධපුරයට, යාපනය, වව්නියා, මන්නාරම් දෙසට ගමන් කරන හා ඒ දෙස සිට කොළඹ, හලාවත, මීගමුව දෙසට ගමන් කරන වාහනවලට බධා පැමිණියේය.

ඒ අවට කුඩා වෙළදසැල් රැසක වහලවල්වල සීට් රැසක්ද සුළගට මාර්ගයට ඇද වැටී ඇති අයුරු දක්නට ලැබිණි.

පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමානාකාර අධක්ෂක ඒ .එම්.ආර්.එල්.කේ  අලහකෝන් මහතාගේ මෙහෙයවීමෙන් යුද හමුදා නිළධාරින්, පුත්තලම නගර සභා සේවකයින්  හා ප්‍රදේශවාසීන් එක්ව මෙම විශාල නුග ගස කියත් ආධාරයෙන් කපා ඉවත් ක‍ළේය.

lankadeepa.lk