හලාවත සහ අවට පදිංචිකරුවන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධානය වී ඇති බවට හදුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළසැළ හා සම්බන්ධතා පවත්වා ඇති බව තහවුරු වී ඇත. පසුගිය 24 වැනිදා රාත්‍රීයේ ලැබී ඇති පී.සී.ආර්.වාර්තා අනුව මේ බව සදහන් වේ.
ඒ අනුව හලාවත – කාලි දේවාලය පිටුපස,ජේමිස් වීදිය,කාක්කපල්ලිය – බණ්ඩාරවත්ත,බංගදෙණිය – කුම්බ්ට්ටුකුලිය,අළුත්වත්ත,සහ බංගදෙණිය – කෝට්ටපිටිය පදිංචිකරුවන් 06 දෙනෙකු නව කොවිඩ් ආසාධිතයින් බවට හදුනා ගෙන ඇත.
මෙම ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් සොයා සෞඛ්‍ය අංශ මේ වන විට විමර්ශණයක් ආරම්භ කර ඇත.
මේ අතර පසුගිය 23 වැනිදා රාත්‍රී ලැබී ඇති පී.සී.ආර්.වාර්තා අනුව හලාවත – බංගදෙණිය පදිංචිකරුවෙකු සහ දංකොටුව – ඇටියාවල පදිංචිකරුවෙකු කොවිඩ් ආසාධිතයන් බවට තහවුරු වී ඇත.එම ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් පවුල් 18 ක පුද්ගලයින් 76 දෙනෙකුව නීරෝධායන කටයුතු සදහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.
ජුඩ් සමන්ත.