Wednesday, November 27, 2024

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලට කොවිඩ් 19 පැතිරීම ගැන නිශ්චිත කරුණක් නොදන්නා බව විශේෂඥ කමිටුව පවසයි

Must read

පැලියගොඩ
(10.58am) පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ කොවිඩ් මර්ධන විශේෂඥ කමිටුව විසින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට කොවිඩ් වසංගතය පැතිරීමට නිශ්චිත කරුණක් හරියට නොදන්නා බව ප්‍රකාශ කර තිබේ. එසේ නමුත් වෙළඳ සංකීරණය ආරම්භ කිරිම වෙනුවෙන්  තම කමිටුව විසින් කරන ලද විමර්ශනයට අනුව දැනගන්නට ලැබුණු කරුණුව 08ක් ඉදිරිපත් කළ හැකි බවද විශේෂඥ කමිටුවේ වෛද්‍ය මනෝජ් පීරිස් මහතා විසින් ප්‍රකාශ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම කමිටු සමාජිකයින් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සමග සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවෙන් පසු වෙළද සංගමයේ ලේකම් ජයන්ත කුරේ හා සහභාපති ජයසිරි ඇතුළු නියෝජිතයින්ගේ අදහස්ද ලබාගත් අමාත්‍යවරයා ඔවුන්ද එම නීතිරීති වලට යටත්ව මත්ස්‍ය වෙළද සංකීර්ණය විවෘත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට එකග වී ඇත. ඉදිරියේදී  නාගරික සංවර්ධන අධිකාරිය හා එක්වී මත්ස්‍ය සංකීර්ණයට නව පිවිසුම් මගක් ඉදිකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා විසින් පවසා ඇත.
විශේෂයෙන් සිල්ලර වෙළදාම සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතු බවට මෙම කමිටුව නිර්දේශ කර ඇත. තොග වෙළදාම ද ආරම්භයේ දී 25%ක ප්‍රමාණයකින් ආරම්භ කරන ලෙසද පසුව එය ක්‍රමක්ක්‍රමයෙන් වර්ධනය කර ගන්නා ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් වැලැක්වීමේ නීතිරීති වලට අනුව ක්‍රියාත්මක කරන ලෙස මෙම කමිටුව ලබා දුන් උපදෙස් අමාත්‍යවරයා විසින් නිළධාරීන්ට හා මත්ස්‍ය වෙළදපොලේ නියෝජිතයන්ට පහදාදි තිබේ.

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article