Sunday, January 19, 2025

පැරණිම රස්සාව කළ කතුන් දෙදෙනක් ගල්ගමුවෙන් අල්ලයි. සේවාදායක ඩබලකුත් මාට්ටු !

Must read

ganikaගල්ගමුව නගරයේ පිහිටි හෝටල් දෙකක් තුළ ගණිකා වෘත්තියේ යෙදෙමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කළ ගල්ගමුව මහේස්ත‍්‍රාත් ඒ. අයි. හෙට්ටිවත්ත මහත්මිය ඔවුන්ගේ සේවය ලබාගැනීම සදහා පැමිණි සිටි බව කියන පුද්ගලයින් දෙදෙනෙකු එක් අයෙකුට රුපියල් 15000 ක මුදල් ඇප සහ රුපියල් 100000 ක ශරිර ඇප මත මුදාහරින ලෙසට නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගල්ගමුව, නිතෝගම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක කාන්තාවක් සහ ජයමාවත, දිවුල්වැව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක කාන්තාවකි. ඇප මත මුදාහැරුණේ ඇඹෝගම හා අඹන්පොළ ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි අදාළ හෝටල් දෙකෙහි හිමිකරුවන් දෙදෙනාද ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත‍්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

ගල්ගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තු මත පසුගිය 07 වැනිදා අදාල හෝටල් දෙක පරීක්ෂාවට ලක් කළ ගල්ගමුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් එතුළ ගණිකා වෘත්තියේ යෙදෙමින් සිටි මෙම කාන්තාවන් දෙදෙනා , ඔවුන්ගේ සේවාදායකයින් දෙදෙනා සහ අදාළ හෝටල්වල අයිතිකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියහ.

සිය විවාහක සැමියන් විසින් අතහැරදමා යාම නිසා මෙම කාන්තාවන් දෙදෙනා ගණිකා වෘත්තියට යොමු වී ඇතැයිද, මොවුන් දෙදෙනා දිගු කලෙක සිට මෙම වෘත්තියෙහි යෙදී ඇතැයිද පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක් වූ ගල්ගමුව පොලිසිය කීය.

ගල්ගමුව පොලිස් ස්ථානාධිපති එච්. එම්. සී. පී. හේරත් මහතාගේ උපදෙස් මත, එහි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ජී. එන්. දමයන්ති මහත්මියගේ මෙහෙයවීමෙන් කාන්තා පොලිස් සැරයන්වරියන් වන රුවිනි ජයරත්න, විජිතා (816 ), පි‍්‍රයංකා (5018) සහ පොලිස් කොස්තාපල් මහින්ද (22949) සහ කාන්තා පොලිස් කොස්තාපල් පි‍්‍රයන්තා (45374) යන නිලධාරීහු විසින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත්හ.

ගල්ගමුව අරෝෂණ මාන්නප්පෙරුම

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article