Saturday, January 18, 2025

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීමේ වරදට මෛත්‍රීපාල ඇතුලු 5 කට වන්දි ගෙවිමට නියෝග

Must read



2019 අප්‍රේල් 21 වනදා විශාල ජන ඝාතනයක් සිදුකරමින් පුපුරුවා හරින ලද බෝම්බ ප්‍රහාර මාලාව සිදුකර මේ වනවිට වසර 3ක් ඉක්ම ගොස් තිබේ. ඊයේ (12) වනදා පාස්කු ඉරුදින සිදුකළ මෙම ප්‍රහාරය සමබන්ධයෙන් ශේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබාදෙන ලදී. එහිදී පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරය වැළැක්වීමට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් මූලික අයිතිවාසිකම් කඩකලැයි තීරණය කළ  ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ පෞද්ගලික මුදලින් වින්දිතයන්ගේ අරමුදලට වන්දි ගෙවන ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක මුදලක්, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ජාතික රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහත්වරුන්ට මිලියන 75 බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියන් 50ක් ද, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට මිලියන 10ක මුදලක්ද තම පුද්ගලික මුදලින් වින්දිතයන්ගේ වන්දි අරමුදලට බැර කරන ලෙසත්, රජයෙන් රුපියල් මිලියනයක මුදලක් එම අරමුදලට බැර කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article