(1.54pm)මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් නව නීති ඉදිරි මහ මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේදි සම්මත විය යුතු බවත් පසුගිය පළාත් පාළන මැතිවරණයේදි එක් අපේක්ෂකයෙකු සිය කොට්ඨාෂය ජයග්‍රහනය කිරිම වෙනුවෙන් රුපියල් ලක්ෂ 400 ක මුදලක් වැය කර ඇති බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා ඊයේ (14) කොළඹදී පැවසීය.
මැතිවරණ වල නිදහස් හා සාධාරණ කටයුතු සිදුවන්නේ නැති බවත් පැවසූ , මෙම වියදම් සීමා කිරිම නීතියක් බවට පත් කළ යුතු අතර එවැනි දූෂිත මුදල් භාවිතයට විරුද්ධව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ක්‍රියාත්මක වීමට පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසීය.