රටේ මේ වන විට සිදුවෙමින් පවතින දැවැන්ත පරිසර විනාශයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් අද කොළඹදි පවත්වන ලදී.
‘ පාලකයනි පරිසර සංහාරය වහා නවතනු මැයෙන්, සිදුකරමින් තිබෙන විශාල පරිසර සංහාරයට එරෙහිව ජීවය සුරකිමු සංවිධානය විසින් අද (25) දින මධ්‍යම පරිසර අධිකාරීය ඉදිරිපිටදි නිහඩ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
මේ සදහා පරිසර සංවිධාන රැසක් ද, තරුණ සංවිධාන, සිවිල් සංවිධාන රැසක් සහභාගී වී සිටියහ.