Sunday, January 19, 2025

නීතිපොතේ වයඹ නම ලියැවූ විනිසුරු සුනන්ද විනිශ්චයාසනයට සමුදෙයි.

Must read

මෙරට නීති ක්ෂේත්‍රය තුළ වයඹ නාමය රන් අකුරින් සනිටුහන් කරවමින් කුරුණෑගල පුරවරයෙන් බිහි වූ මහාධිකරණ විනිසුරුවරයෙකු වන සුනන්ද කුමාර රත්නායක මහතා ඊයේ (30 දා ) සිය ධුරයෙන් විශ්‍රාම ගියේය.

කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිටි සුනන්ද කුමාර රත්නායක මහතාට සමුදීම වෙනුවෙන් අධිකරණ සම්ප්‍රදායානුකූල සමුගැනීමේ උත්සවයක් ඊයේ උදෑසන අධිකරණ කටයුතු ආරම්භවීමට පෙර කුරුණෑගල මහාධිකරණ ශාලාවේදී පැවැත්විණි. මෙම සමුදීමේ උත්සවය සදහා කුරුණෑගල සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු, කුරුණෑගල ප්‍රධාන සහ අතිරේක මහේස්ත්‍රාත්වරුන්,කුරුණෑගල දිසා සහ අතිරේක විනිසුරුවරුන්, රජයේ අධි නීතිඥවරුන්, නීතිඥ මණ්ඩලය සහ අධිකරණ කාර්ය මණ්ඩලයේ සියලුදෙනා එක් වී සිටියහ.

සුනන්ද කුමාර රත්නායක මහතාගේ සේවය අගයකරමින් කතා කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආරිය බී රැකව මහතා, කුරුණෑගලින් බිහි වූ මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ඒ මහතාට කුරුණෑගලින්ම විශ්‍රාමයාමට අවස්ථාව ලැබී තිබීම විශේෂ සිදුවීමක් බව පැවසූ අතර සුවදායී විශ්‍රාම දිවියක් වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළේය.

මෙහිදී අදහස් දැක් වූ සුනන්ද කුමාර රත්නායක මහතා තම රාජකාරි ඉටුකිරීමේදී සහය වූ අධිකරණයේ සියලු තරාතිරම්වල නිලධාරීන්ට සහ නීතිඥවරුන්ට ස්තූති කළ අතර තමන් විනිශ්චයකරුවෙක් ලෙස කටයුතු කළේ විනිසුරු අසුනේ වාඩි වූ විට පමණක් බවත් ඒ හැර අන් සෑම අවස්ථාවකදීම තමන් සාමාන්‍ය මිනිසෙකු ලෙස කටයුතු කළ බවද පැවසීය. තමන් පළමුවරට විනිසුරු අසුනේ අසුන්ගත් දිනයේ පටන් මේ දක්වාම නඩු තීන්දු ලබාදීමේදී අධිකරණයට පැමිණෙන සියලු දෙනාම මනුෂ්‍යයින් ලෙස සලකමින් කටයුතු කළ බවද පැවසීය. නඩු ඇහීමට එන අය දෙසත් , නඩු කීමට පැමිණෙන අය දෙසත් මානුෂික ඇසකින් බලා එම අයට නැවත උසාවි පැමිණීමට අවශ්‍ය නොවන ලෙසට කටයුතු කිරීම තම අරමුණ වූ බවත්, ප්‍රායෝගික ප්‍රශ්න හේතුවෙන් මිස තමන් තමන් කිසිදිනෙක හිතාමතා නඩු කල්දමා නැති බවද මහාධිකරණ විනිසුරුවරයා කීය.

සිය ධූරකාලය සිහිවීම පිණිස සුනන්ද කුමාර රත්නායක මහතා විසින් කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ පැළයක්ද රෝපණය කළේය.

ඡායාරූප – නීතිඥ  ෆිලීෂියන් පෙරේරාhc_judge_1 hc_judge_3 hc_judge_2 hc_judge_5 hc_judge_4 hc_judge_7hc_judge_9hc_judge_10 hc_judge_6ෑප

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article