(9.33am)විදෙස් රටකින් මෙරට හොර රහසින් ගෙන්වන ලද බව කියන තවත් දුම්වැටි තොගයක් හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.පසුගිය 16 වැනිදා සවස හලාවත – දුම්රිය පොල ආසන්නයේ ඇති වෙළද සැළකදී මෙම දුම්වැටි තොගය පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
එම වෙළද සැලේ තිබී දුම්වැටි 20 බැගින් අඩංගු පැකට් 21 ක් සහ දුම්වැටි 29 ක් වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.පොලිස් බාරයට ගෙන ඇති දුම්වැටි අතර වර්ග දෙකක් තිබෙන බව වැටලීම කළ නිලධාරීන් කියයි.
තම ඒකකයට ලද තොරතුක් අනුව යුධ හමුදා සන්නද්ධ බුද්ධි නිලධාරියෙකු ව්‍යාජ ගැණුම්කරුවෙකු ලෙස ගොස් දුම්වැටි මිළදී ගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කර ඇත.
පසුගිය සතියේද හලාවත පොලීසිය විසින් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ දුම්වැටි විශාල ප්‍රමාණයක් සමග සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු සහ අත්අඩංගුවට ගෙන ඇති දුම්වැටි තොගය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජූඩ් සමන්ත